°•°•°•04•°•°•°

467 83 21
                                    

Authur pov.

කාලය ගත වෙලා ගියා.සෝ කැෆේ එකක වැඩට ගියෙ jungkook ගෙනුයි අනිත් 6දෙනාගෙන්ම යැපෙන්න බැරි නිසා.ඔය අතරේ කැෆෙ එකේ වැඩ කරපු සෝගෙ වයසෙම කොල්ලෙක් සෝ ට කැමැත්තෙන් හිටියා.තමන් දරුවෙක්ගෙ අම්මා කෙනෙක් කියලා නොදැන හිටපු සෝත් කොල්ලට කැමති උනේ ජීවිතේ අලුතෙන් පටන් ගන්න ඕනෙ හිංදා.

දවසක් සෝ අර කොල්ලත් එක්ක පාරේ අත් දෙකත් අල්ලන් යනවා.jungkook දැක්කා.දාහට රත්වෙච්ච jungkook ගිහිං කොල්ලට කනේ පාරකුත් ගහලා සෝගෙත් අතින් ඇදං ලග තිබ්බ පාර්ක් එකට ගියා.

"Jungkook මේකෙ තේරුම මොකක්ද?ඇයි මට කැමති විදියට ඉන්න දෙන්නෙ නැත්තෙ.ඔයා මගෙ කව්ද?මට වුණ කිසි දෙයක් මතක නෑ.ඒක ඇත්ත.ඒත් ⁣ඒකෙන් ඔයා මගෙන් ප්‍රයෝජන ගන්න එක හොදද?මං අර පොඩි සෙමීට මට ඔම්මා කියන්න දුන්නෙ ඒ කෙල්ලගෙ ඇස් දිහා බලං මට එපා කියන්න බැරි හිංදා.මං දන්නෙ නෑ,මං දන්නෙ නෑ මට මොකක්ද උනේ කියලා.අව්රුදු ගානකට පස්සෙ මං ඔයාගෙ ගෙද⁣රදි ඇස් ඇරියෙ කොහොමද කියලා.අඩුම ජිමින් මගෙ ඔප්පා කියලවත් මට මතක නෑ.මම මං කව්ද කියලවත් දන්නෙ නෑ.මං දන්නෙ මේ දැං වෙන දේවල් විතරයි.මට පාඩුවෙ ඉන්න දෙන්න please"

සෝ කියවගෙන කියවගෙන යද්දි jungkook සෝව කිස් කරේ හිතන්නවත් කාලෙ නොතබා.ඒ එක්කම සෝ jungkook තල්ලු කරලා අයෙත් කියවන්න ගත්තා.

"Mr.jeon මේකෙ තේරුම මොකක්ද?මට මගෙ ජීවිතෙ මට කැමති විදියට ගෙනියන්න දෙන්න....ඇයි මං පස්සෙන් එන්නෙ....😫"

"සෝ........මං ඇත්ත ඔයාගෙ අමතක උන අතීතෙ ගැන කිව්වෙ නැත්තෙ,ජින් හියුන් කිව්වා ඒක ඔයා⁣ට ෂොක් එකක් දෙයි කියලා.ඒත් ඔයාව වෙන කෙනෙක්ගෙ වෙනවා මට බලං ඉන්න බෑ.මං අද මේ දැං ඇත්ත කියනවා.........ඔයා ඔයා මගෙ wife සෙමී කියන්නෙ අපි දෙන්නගෙ දරුවා..මීට අව්රුදු 6කට කලින් marry කරා.සෙමී ලැබෙන්න ඉද්දි වෙච්ච car accident එකකින් ඔයා කෝමා තත්වෙට වැටෙනවා.....ඒක තනිකරම උනෙ මගෙ වැරැද්දෙන් මට සිහියෙන් එදා car එක drive කරන්න තිබ්බා.ඔයා නැගිටින්නෙ අව්රුදු 5කට පස්සෙ...ඔයාට මාව අවිශ්වාස ඇති.ඒත් ඒකයි ඇත්ත සෝ....මගෙ එකම ආදරේ ඔයා විතරයි..."

Jungkook කියන හැම දේම සෝ අහං හිටියෙ අදහගන්න බැරි පුදුමෙකින්.ටික වෙලාවක් නිහඩව ඉදලා ආයෙත් සෝ කතා කරන්න පටන් ගත්තා.

REMEMBER ME|JJK|✔|Where stories live. Discover now