𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿 01

242 21 4
                                    








ගෙවෙන සන්ධ්‍යාව හරිම නිස්කලංකයි ඈත පේන අහස ළා රතට හුරු දම් පාටක් ගත්තේ දවස පුරාම ලොවට එළිය දීපු හිරුට බැසයන්න ඉඩදෙන්න වගේ

රූස්ස ෆයිනස් ගස්වලට මැදිඋනු අඩිපාරක් ඒක.අඩිපාර දෙපැත්තේ තිබුනු ගස් නිසා යම් තරමක අඳුරක් ඒ හරියෙ තිබුනා.අඳුරක් නෙවෙයි ඇත්තටම කිව්වොත් ඒක සෙවණක් ❤

ඒ අඩිපාර පුරාවටම විසිරිලා තිබ්බ ලා දුඹුරු පාට වේලිලා ගියපු කොළ මතින් පියවර තියමින් ඔහු තනියමම ඉස්සරහට ගියා....ඔව් හැමදාමත් වගේ තනියම ❤️

සුදු පැහැ ට්‍රවුසර් එකට ඒ පැහැයෙන්ම අත්දිග දුහුල් ශර්ට් එකක් ඇඳලා ඔහු ආසම වයිට් රෝස් වලින් පිරුනු මල් පොකුර දෑතට හිරකරන් ඔහු ඉස්සරහට යන්නෙ වටපිටාව ගැන වගක්වත් නැතිව.........

අතැඟිලි වලට හිරවුනු මල් පොකුරට අමතරව ඔහු සතුව තියෙන්නේ එකම එක දෙයයි

ඒ,
හදවතේ රැඳුනු මතක මතක ගොන්නක් විතරයි...
කවමදාවත් ඒ අතීතය ඔහුට අමතක නොවේවි
ඔහුට කවමදාවත් එය අමතක කරන්නත් බැහැ...........

දෙපා වලට පොඩි වෙන වියළි කොළ රොඩු වලින් එන සුරු සුරු සද්දය එක්ක වෙනදා වගේම ඔහු ඇවිද ආවේ තැනිතලා බිමේ රූස්ස ෆයිනස් ගස් සෙවණේ තියෙන සොහොන්කොත ළඟට........

ඔහු එනකල් මග බලාගෙන ඉන්න,
ඔහුවම විතරක් බලාපොරොත්තු වෙන ඒ සොහොන් කොත ළඟට ඔහු ආවේ ලස්සන හිනාවක් මුවග දවටන්

"අද එන්න ටිකක් පරක්කු උනා සොරි ඉතින්...ඔයාගෙ ශේ එක්ක තරහ නෑ නේද රන්"

මෙපමණ වෙලා දෑඟිලි අතරෙ හිරවෙලා තිබුන වයිට් රෝස් පොකුරෙන් එක මලක් ගාණෙ අරන් සොහොන් කොත මතින් තියෙන ගමන් ඔහු අහන්නේ ඔහුගෙ හඬ මේ භූමියට ආගන්තුක නොවන නිසා

"මම දන්නවා ඔයාට මාත් එක්ක තරහ වෙලා ඉන්න බෑ කියලා"

තනියම මුමුණමින් ඔහු හිනාඋනත් දෑස් අගින් වැටෙන කඳුළු ඔහුගේ අතට වැටෙන්නෙ පාලනයකින් තොරවමයි...

අවටින් එන සීතල සුළං ගත දැවටෙද්දි ඔහු බලන් හිටියේ සොහොන් කොත සෙවණ කරන ඇහැළ ගස් පෙළ දිහා

𝐁𝐑𝐎𝐊𝐄𝐍 𝐇𝐄𝐀𝐑𝐓 🥺💔[COMPLETED]Where stories live. Discover now