මනොබාල් 2

189 53 6
                                    

"උත්තමාවිය.."

තම කුටියට වී කල්පනාවේ ගිලි සිටි ජෙනී හරි සිහියට පැමිණියේ පිටුපසින් ඇසුණු ජිසූ ගේ හඬින්..

"ඔබතුමිය බර කල්පනාවක වගෙයි." ජිසූ සැමදා සියලු දෙනා වසඟ කරලු එම සිනහවත් මුවේ රඳවාගෙන විමසුවේ කුටිය තුල තිබූ මේසය අසල පුටුවක් ඇද ඉඳගන්න අතරෙදියි.

"කිසිවක් නෑ.." ජිසූ වෙතට සිනහවකින් සංග්‍රහ කල ජෙනී එසේ පවසා ගොස් ඇය අසලින්ම වාඩි උනත් ඇගේ දෑස් නම් තිබුනේ හිස් අවකාශයේයි.

"ඇත්තෙන්ම කිසිවක් නැද්ද.. මුසා පවසන්න නම් සුදානම් වෙන්න එපා. මා දන්නවා ඔබ කල්පනා කලේ ඇය ගැන කියා."

"කවුරුද?" ජෙනී දෑස් විසල් කරගනිමින් ඇසුවේ ජිසූ පවසන දෙය ගැන අල්පමාත්‍රයකවත් දැනුමක් නොතිබූ නිසා..

"ආහ්.. ඔබ නම් වැඩක් නෑ.. මා පිට වෙනවා." ජෙනී සමග කතා කර වැඩක් නැති බව වැටහුණු ජිසූ හිස දෙපසට සලමින් කුටියෙන් පිටතට ගියේ ජෙනී තවමත් පුදුමයෙන් බලා සිටියදී.
.

.

.

.

"උමුතුවෙන්ද ඔබ? කෙසේද රැජිනියකට එසේ අමතන්නේ. එතුමිය ඔබ‍ට අනුකම්පා නොකලානම් ඔබ මෙලහකටත් මිය ගොසින්."

රොසානන් තම කුටියට පැමිණ ලීසා හට බැන වැදීමට ගත්තේ බොහොම කේන්තියෙන්. නමුත් ඇය කියූ කිසිවක් කනට වැකුණේ නැති සේ ලීසා පුටුවක වාඩි වී කුටිය තුල වූ මේසය උඩින් තම පාද යුගලත් තබාගෙන වාඩි වී සිටියේ කුඩා කිනිස්සකින් තම නියපොතු පිරිසිදු කරමින්.

තමාගේ වදන් කනකටවත් නොගෙන ලීසා සිටින අයුරු දුටු රොසානන් මේසය මතට තම අතින් දැඩි පහරක් එල්ල කලා. ලීසා තමාගේ රාජකාරිය මදකට නවතා තම ශීතල බැල්මෙන් රෝස් වෙතට එල්ල කලේ රෝස් මදක් තිගැස්සෙද්දී. නමුත් තවමත් රෝස් ලීසා දෙස බලා සටිනවා.

අසුනෙන් නැගිට්ටඅතේ තිබූ කිනිස්ස දබර ඇඟිල්ලෙන් පිරිමදිමින් රෝස් වෙත ගියේ මුහුණේ මද සිනහවකුත් රඳවාගෙන. කිසිදු හැගීමක් නොපෙන්වන ඒ මුහුණේ ඇති වූ එම සිනහව අනෙක් සියල්ලකටම වඩා රොසානන් ව බියපත් කලා. ලොව කුරිරුතම සිනහව හිමි කෙනා කවුද කියා විමසුවොත් රෝස් දෙවරක් නොසිතා ඒ ලීසා කියා පවසයි. නමුත් රෝස් නම් නොවේ අඩියක්වත් ආපස්සට ගත්තේ.

මනොබාල් [GL](Slow Updates)Where stories live. Discover now