විශාල ස්නාන කුටියේ මධ්‍යයේ තිබූ හතරැස් තටාකයේ බැස සිටියේ ලීසා විය. ඇය එහි උණුසුම් ජලය බුක්ති විඳිමින් සිටිද්දී පිටුපසින් දොරට තට්ටු කරන හඬ ඇසුනා.
"ඇතුලට පැමිණෙන්න."
කෙමෙන් දොරටුව විවර කළ ජිසූ හිස පහත් කරගෙන ඇතුලට පැමිණියා. ලීසා සිටියේ ඇයට පිටුපා නිසා ඇයට යම් සහනයක් දැනුනා. ඉක්මනින් වස්ත්‍ර ටික සුදුසු තැනින් තබා ඇය පිටව ගියා.
දොර වැසෙන හඬ ඇසෙත්ම මුවගින් කුඩා සිනහවක් නගා ගත් ලීසා තටාකයෙන් නැගී සිටියා..
පිටත සිටි ජිසූ ට අවැසි වුනේ හැකි ඉක්මනින් පිට වීමටයි. සේවක වස්ත්‍ර ඉවතලා තමන්ගේ සන්නාහ ඇඟලා ගත් ඈ අසු පිට නැගී ඇතුල් නුවරින් පිට වුණා. කිසිවෙකුගේ අවධානයට හසු නොවන ලෙස වනය මද්‍යයෙන් ඇය ගමන් කලේ.
මද දුරක් යන විට තමා පසුපසින් අයෙක් ලුහුබඳින බව ඇයට වැටහුනා. පිටුපස හැරෙන විටම ඇගේ ගෙල අසලින් ගෑවෙන නොගෑවෙන සේ හී තලයක් ගොස් ගසක කඳක් මත ගැටුනා. ඉදිරියේ තිබූ වෘක්ෂයකින් පහතට පැන්නේ ලීසා විය. ඇය ඒ මොහොතේ මුහුණ ආවරණය කරගෙන නොවෙයි සිටියේ.
ජිසූ දෑස් විසල් කොට බලා සිටිද්දී ලීසා ඉදිරියටම පැමිණියා. වහා ක්‍රියාත්මක වූ ජිසූ අසු පිටින් බැස අසිපත කොපුවෙන් පිටතට ගෙන එය ලීසා දෙසට දිගු කළා. "නුඹ!"
"ඇයි? බය වුණා ද?"
"නුඹ කුමන හයියකින් ද මෙවැනි වංචාවක් කරන්නේ? ආ??" ජිසූ කේන්තියෙන් වෙව්ලමින් කෑ ගැසුවා.
"ඔබ මේ පිලිබඳ ඇයට කියන්නද සුදානම? ඇය ඔබව විශ්වාස කරයි ද?" ලීසා සන්සුන්ව පැවසුවා.
ජිසූ හට පැවසීමට හුගක් දේ තිබුනත් කේන්තිය නිසාම කුමක් පවසන්නට ද කියා සිතාගත නොහැකි වුණා. ඇය ගිනි පිටවෙන දෑසින් යුතුව අසිපත දිගු කරගත් ලෙසින්ම නිශ්චලව බලා සිටියා.
කේන්තිය හෝ බය නිසා හෝ ජිසූ ගේ දෑත් වෙව්ලන බව අවධානය කළ ලීසා කිසිවක් සිතා ගැනීමට වත් කාලය ලබා නොදෙමින් ඇය තම අසිපත පිටතට ගෙන එයින් පහර දි පහසුවෙන් ම් ජිසූ ව නිරායුධ කළා. ජිසූ ට ඇගේ කිනිස්සවත් ඇද ගැනීමට කාලය ලබා නොදෙමින් ලීසා ඇයව පිටුපස හරවා තමාගේ ශරීරයට තද කරගෙන අසිපත ගෙල අසලින් තද කර අල්වා ගත්තා.
![](https://img.wattpad.com/cover/292619738-288-k376758.jpg)
KAMU SEDANG MEMBACA
මනොබාල් [GL](Slow Updates)
Fiksi Sejarahඔවුන් අතර ඇත්තේ වෙනස් බැඳීමක්.. සෑම කතාවකටම වීරයෙක් හා සතුරෙක් සිටිනවා... නමුත් ඒ දෙදෙනාම එක් අයෙක් වුවොත්? කුමක් සිදු වෙයිද?... [Jenisa ship story & Historical fiction]