මනොබාල් 3

138 45 0
                                    

බලාපොරොත්තු වූ ලෙසටම ඒ සිටියේ..

.

.

.

.

ජෙනී තමා ඉදිරියේ සිටින මුව ආවරණය කර ගත් ආගන්තුක තරුණිය දෙස බලා සිටියේ වික්ෂිප්ත වෙලා. එම අළු පැහැති භයානක දෑස ඇයට අයෙක්ව මතක් කිරීමට සමත් වුණා.

ලීසා..?

ජෙනී විස්මයෙන් ගල් ගැසී මුව වසා ගත් යුවතිය දෙස බලා සිටිද්දී ජිසූ එය දුටුවත් ඒ පිළිබඳව නොතකා ඇය ට පහර දීමට ඉදිරියට පැනීමට සැරසුනේ පෙර පුද්ගලයා ඝාතනය කිරීම දැකීමෙන් ඇගේ භයානක කම හඳුනාගත් නිසාවෙනි. නමුත් ඇය පහර දීමට සුදානම් වෙත්ම,

"ආහ්..." රෝස් විලාප දි ඇද වැටුනේ ජිසූ ගේ අවධානය ඇය වෙතට ගනිමින්.

රෝස් ගේ හඬින් නැවතත් හරි සිහියට පැමිණි ජෙනී තත්වය තේරුම් ගෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වී තම අසිපත කොපුවෙන් පිටතට ඇද ගත්තේ සළු පටින් උවනත ආවරණය කරගත් තරුණිය ට පහර දීමට සැරසෙමින්.

නමුත් ලද අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත් එම තරුණිය හැරී පලා ගොස් හමාර විය. ජෙනී ද පැකිලීමකින් තොරව ඇය පසුපස ලුහුබැන්දේ කෙසේ හෝ ඇගේ මුහුණ දැක ගැනීමට අදිටන් කරගෙන.

මද දුරක් දිව ගිය මුහුණ ආවරණය කරගෙන ගෙන සිටින තරුණිය මදකට නැවතුනේ ජෙනී ට තමාව මග හැරී ඇති යැයි සිතමින්. නමුත් ඇය සිතුවා වැරදි යැයි තේරුම් ගැනීමට වැඩි වෙලා ගත වුනේ නෑ.

තම ගෙල අසලින් ගෑවී නොගෑවී ගිය කිණිස්ස ගොස් ගසක වැදෙනවා බලා සිටි තරුණිය තම රෞද්‍ර දෑස ප්‍රහාරය පැමිණි දෙසට යොමු කලා.. සුළඟ කපාගෙන ආ අසිපත් ද්විත්වය තියුණු රාවයක් නගමින් එකිනෙක ගැටිණ..

.

.

.

.

"ආ.. ආව්.." රෝස් තම පය බදාගෙන කෙඳිරුවා..

ජිසූ ඉක්මනින් තම ඇඳුමෙන් රෙදි කඩක් ඉරා රෝස් වෙතට පැමිණ ඇගේ කකුල පරික්ෂා කරන්නට උනා. "හුගක් රිදෙනවද? පිටින් නම් තුවාලයක් නෑ. කුමක්ද සිදු වුනේ?"

"දන්නේ නෑ.. එකවරම පය උලුක් වුනා වගේ.." රෝස් උත්සහ කලේම ජිසූ ගේ දෑස් මගහරින්න..

මනොබාල් [GL](Slow Updates)Where stories live. Discover now