මනොබාල් 4

140 43 11
                                    

ලීසා ගේ දෑස් වල ඇති රෞද්‍ර බව වෙනදාටත් වඩා භයානක ලෙස අද ජෙනී දුටුවේ. ඒ දෑස් වෙස්මුහුණු සටන්කාරිය ගේ දෑස් වලට සමාන බව ජෙනී ට තවත් තදින්ම දැනින.

'නමුත් එහි යතුර කැමරන් උත්තමාවිය ලඟයි.' ලීසා හට තමා යෙදවූ චරපුරුශයා ගේ වදන් සිහියට නැගිණ. ලීසා මේ මොහොතේ ජෙනී ව අමනාප කරගන්නා යමක් කලොත් මානික්‍ය ලබා ගැනීමට ඇති සුළු අවස්ථාව ද අහිමි ව යනවා නිසැකයි.

ලීසා කිණිස්ස ජෙනී ගේ ගෙලෙන් ඉවත් කොට නැගී සිටියා ය. කිණිස්ස කොපුව තුලට දමා ගත් ඇය ජෙනීට නැගී සිටීමට උපකාර කිරීමට තම අත ඇය දෙසට දිගු කළාය.

ජෙනී ලීසා ගේ අත ග්‍රහණය කර ගත්තද නැගිටීමට ඇයට කිසිදු උවමනාවක් නොතිබූ සැටියෙන් ඇය ඇඳේ ම දිගා වී සිටියා ය. එවර ලීසා ඇගේ අතින් ඇද ජෙනී ව නැගිට්ටුවත් ඒ අතරේ දි ජෙනී ගේ සමබරතාවය නැතිව ගිය හෙයින් ඇය එක්වරම ලීසා වෙතට ඇදී ගියේ ලීසා ද ඇය ව වැළඳ ගනිද්දී.

ඔවුන් දෙදෙනා ගේ මුහුණු අතරේ තිබුනේ බොහොම සුළු පරතරයයි. ලීසා ගේ සුසුම ද ජෙනී ට හොඳින් ම දැනිණි. ලීසා ගේ හදවතේ වේගය වැඩි වනවා ද ඇගේ පපුව මතට තෙරපී සිටි ජෙනී ට දැනුනි. වෙනදා ට කිසිදු හැඟීමක් නොපෙන්වූ ඇගේ දෑස් ද අද ජෙනී වෙත් එල්ල වී තිබුනේ පුදුමය පිරි බැල්මක්.

ජෙනී කෙමෙන් තම දෑත් තමා ඉදිරියේ සිටි උස තරුණියගේ ගෙල වටා රැගෙන ගියේ ඇගේ තොල් වෙත නැඹුරු වන අතරේ දීයි. නමුත් ලීසා එම දෙතොල් ළඟා වීමට ප්‍රථමව තම මුව අනෙක් පසට හරවා ගත්තාය.

ජෙනී ඇය දෙස බැලුවේ බලාපොරොත්තු කඩ වී ලෙසකිනි. ලීසා ජෙනී ගේ දෑත් තම ගෙල වටෙන් නිදහස් කරමින් ඇගෙන් ඈත් විය.

"ඔබතුමිය පිටව ගියොත් තමයි හොඳ." එම රළු හඬ පැවසී ය.

ලීසා ගෙන් පසෙකට වූ ජෙනී තම මුහුණ ද ඇඹුල් කරගනිමින් එම කුටියෙන් පිටව ගියා ය. ඇය නොපෙනී යන තෙක් ඒ දෙස බලා සිටි ලීසා කුටියේ දොර වසා අනෙක් පස හැරුනේ තම එක් හස්තයක් පපුව මතින් තබා ගනිමිනි.

'කුමක් ද මා හට වී ඇත්තේ.?'

.

.

මනොබාල් [GL](Slow Updates)Donde viven las historias. Descúbrelo ahora