||Who are you|| SOPE FF ♡

514 82 15
                                    

"ඔයා මගෙ අයියා නෙමෙයි. ඒක නිසා ප්ලීස් මට ඔය හෝසොකී ගාන එක නවත්තන්න.."

ඔහු මදක් දැඩි ස්වරයකින් තමා ඉදිරිපස සිටිනා පුද්ගලයාට කීවේය.
ඉන්පසු එම පුද්ගලයා ආපසු හැරී යාමට පිටත් වුනේ ඉතාම සිත් තැවුලෙනි.

"ඔයා කවදා හරි දවසක තේරුම් ගනී හෝසෝකී......"

එම පුද්ගලයා තමාටම මුමුණාගෙන ඇවිද යන්නට විය. එදින තරමක් ශීත කාලගුණයක් තිබුණ හෙයින් පාරේ වැඩිපුර මිනිසුන් දක්නට නොවීය. එවිට මෙම පුද්ගලයාගෙ නෙත ගැටුණේ තම වැඩිමහල් සහෝදරයත් සමග සෙල්ලම් කරන කුඩා හුරතල් හුරුබුහුටි දරුවෙක් වෙතටය.

හේ දැහැනකට සමවැදුණාක් සේ එම සිඟිත්තා දෙස බලා සිටින්නට විය. ඔහුට නොදැනීම ඔහුගේ මුවගෙහි සුන්දර සිනහවක් ඇදුනි. එවිටම එම කුඩා දරුවා සෙල්ලම් කරමින් සිටි බෝලය මෙම පුද්ගලයා ලගට වැටුන හෙයින් එම දරුවා එය ගැනීමට මෙම පුද්ගලයා දෙසට දුව ආවේය.

"අජුස්සි, මගෙ බෝලෙ ඔයා ගාවට ආවා. මට ඒක දෙන්න පුළුවන් ද?"

කුඩා දරුවා දෙසම බලාසිටි එම පුද්ගලයා ඔහුටත් නොදැනීම ඔහුගේ ළමා කාලයට ගොස් තිබුණේය. එම නිසා මේ කුඩා දරුවාගේ හඬට ඔහු ගැස්සී පහත බැලුවේය.

"ආහ්..මොකද්ද පැටියෝ කිව්වෙ?"

"මගෙ බෝලෙ අජුස්සි ගාවට ආවා. මට ඒක දෙන්න පුළුවන් ද?"

එම සිඟිත්තා නැවත ඉතාමත් හුරතල් ලෙස මෙම පුද්ගලයාගෙන් ඇසුවේ මෙම පුද්ගලයාට එම දරුවා සමඟ කතා කිරීමට ඇති උවමනාව දෙගුණ තෙගුණ කරමිනි.

"ඔයාගෙ නම මොකක්ද පැටියෝ??"

එම පුද්ගලයා එම දරුවාගෙන් ඇසුවේ ඔහුගේ බෝලය ඔහු අතටම පත්කරමිනි.

"මම සොන්ග් හෝ. දොන්ග් සොන් හෝ. එතෝට අජුස්සිගෙ නම?"

එවිට එම සිඟිති දරුවා තොල් උල් කරමින් එම පුද්ගලයාගෙන් ඇසුවේය.

"මම ජංන්ග් යූන්ගි. අර ඉන්නෙ ඔයාගෙ හියුන්ද?"

"ඕ....මමයි හියුනුයි හැමදාම මෙතෙට්ට එනෝ තෙල්ලම් කලන්න. බායි යුන්ගි ශි.....මම යනෝ හියුන් බලාන ඇති."

එම දරුවා එසේ පවසා තම කුඩා දෑත් යුන්ගිගෙ මුහුණ ඉදිරිපස වනා දිව ගියේය. ඒ දෙස ඉතා ආදරයෙන් බලා සිටි යූන්ගිගේ ඇසට ඔහුටත් හොරා කඳුලක් නැගුණි.

ඊට ටික වේලාවකට පසු යූන්ගි එතනින් ඉදිරියට හෙමි හෙමින් පිය මැන්නේ ය........

[Sorry for mistakes]

Hi 😁🌼

කොහොමත ඉතිම්.
සැපෙන් සනීපෙන් ඉන්නවා නේත????

මේක ප්‍රස්න පිරුණු ලෝකයක් 😌😌✌️

මම මේක ගොඩක් ආසාවෙන් ලියන එකක්. හැමදාම වගේ අදත් මේකට මේ ලස්සනම ලස්සන කවරය හදලා දුන්නෙ මගෙ බ්ලැක් හාර්ට් 🖤 Kn_Blacky_Mochi.

 හැමදාම වගේ අදත් මේකට මේ ලස්සනම ලස්සන කවරය හදලා දුන්නෙ මගෙ බ්ලැක් හාර්ට් 🖤 Kn_Blacky_Mochi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒක ලස්සනයි නේත?🙂🙂🌈

මම කියන්නෙ මොකද්ද එයා ඒක කරනවා. ඒකනි මම එයාට එච්චර ආදරේ.

(ඒකෙන් කියවෙන්නේ අනිත් අයට ආදරේ නෑ කියලා නෙමේ හොඳේ)🌼

කියවලා බලන්න අලුත් කතාව.🍃🌹

ඔන්න මේ පොත නම් වැඩිය දික් ගස්සන්නෑමයි. 🙂🙂😌😶

ඔය හෑලි ඇති. මම යනෝ. පරිස්සමින් ඉන්න.
See you...

Bye 👋
God bless 🙏
Saranghae ❤️

Written by ✍️ Jeon Lily..

||Who are you|| SOPE FF ♡ [COMPLETED]•Where stories live. Discover now