||Who are you|| SOPE FF ♡ [END]

278 65 43
                                    

මගේ ආදරණීය හෝසෝකි වෙත.

හෝසෝකී....ඔයා දන්නවද ඔයා නිසා ඔයාගෙ හ්යොන්ග් කොච්චර දුක් වින්දද කියලා? ඔයා මගෙ මූණටම මම ඔයාගෙ කව්රුවත් නෙමෙයි කියනකොට මට දැනුන වේදනාව දන්නවද? මම දන්නවා ඔයාට එහෙම කියන්න ඉගැන්නුවෙ කව්ද කියලා. ඒත් ඔයාගෙ ඇත්තම හ්යොන්ග් මම. ඒ මම හෝසෝක්. ඒ මම! එදා ඔම්මගෙ එකම අක්කා වුණ අපේ නැන්දා අපිව කිසිම වගක් නැතුව පාරට එලෙව්වෙ අපි දෙන්නා පොඩි ළමයි කියලාවත් ගනන් නොගෙන. ඒත්....ඒත් ඔයා දන්නවද?? ඔයාට කිසිම සීරීමක් වත් වෙන්න නොදී ඔයාව පරිස්සමින් බලාගත්තෙ වෙන් කව්රුවත් නෙවෙයි ඒ මම. ඔයාට මතක නැතුව ඇති....ඒ දවස්වල ඔයා රෑට මගෙ තුරුලට ඇවිල්ලා මගෙ පපුවෙ ඔළුව හංගගෙන ගුලි වෙලා නිදාගන්නෙ. ඔයා දන්නවද? මම එතකොට ඇඳන් හිටපු ශර්ට් එක ගලවලා ඔයාව පොරෝලා මම සීතලේ වෙව්ල වෙව්ල ඉන්නවා.... මමත් පොඩි ළමයෙක් හෝසෝක්. මමත් පොඩි ළමයෙක් එතකොට. ඒත් අහම්බෙන් මිස්ටර් පාර්ක් ව මුණගැහුනෙ මට. එදා එයාලා ඔයාව හදාගන්න ඉල්ලුවා. මට මුලින් ඒක කරන්න බෑ කියලා හිතුනත්, ඔයාට එයාලා එක්ක ගියොත් හොඳ අනාගතයක් තියෙයි කියලා හිතුවා. ඔයාට මම වගේ අනාතයෙක් නොවී හොඳ දෙමව්පියන් ලැබෙයි කියලා හිතුවා. ඔව් මම හිතපු දේ හරි. ඔයා දැන් ලොකු ඉස්කෝලෙක ඉගෙන ගත්තා.ඔයා මා එක්ක හිටිය නම් එහෙම හොඳට ඉගෙන ගන්න නොලැබෙන්නත් තිබුනා.....ඒත්....ඒත් ඔයා ටික කාලයක් යද්දි මාව අමතකම කරලා ජිමින්ව ඔයාගෙ සහෝදරයා කරගත්තා. මොකද්ද මේකේ තේරුම??? හ්ම්.....නෑ...මම ඒක ගැන මුකුත් කතා කරන්නෑ....ඒත්...ඒත් මම ඉවසුවා......මට...මට තවත් ඉවසන්න බෑ...මම මනුස්සයෙක්....ඔයා ඔයාගෙ ම හ්යොන්ග් ව ප්‍රතික්ෂේප කරලා වෙන කෙනෙක් හ්යොන්ග් කියලා තුරුල් කරන් හුරතල් වෙද්දී මගෙ මේ මනුස්ස හදවතට දරාගන්න බෑ හෝසෝකී..... මට මහන්සියි හෝසෝකී.....ඔයාගේ හ්යොන්ග්ට ගොඩක් මහන්සියි දැන්....... මම යනවා.....එක දෙයක් කියන්නම්. මම නැතත් ඔයා සතුටින් ඉන්නෝ නෙ. හ්යොන්ග් කෙනෙක් විදියට ඒකයි මගෙ බලාපොරොත්තුව...
සරංහේ....

මීට,ඔයා ගොඩාක් වෛර කරන ඒත් ඔයාගෙ හ්යොන්ග්.
ජන්ග් යූන්ගි.(මින් සුගා)

||Who are you|| SOPE FF ♡ [COMPLETED]•Where stories live. Discover now