||Who are you|| SOPE FF ♡

304 71 18
                                    

එම දරුවා එසේ පවසා තම කුඩා දෑත් යුන්ගිගෙ මුහුණ ඉදිරිපස වනා දිව ගියේය. ඒ දෙස ඉතා ආදරයෙන් බලා සිටි යූන්ගිගේ ඇසට ඔහුටත් හොරා කඳුලක් නැගුණි.

ඊට ටික වේලාවකට පසු යූන්ගි එතනින් ඉදිරියට හෙමි හෙමින් පිය මැන්නේ ය........


ඔහු ඔහුගේ නිවස වෙතට ගියේ පයින් නොව මිතුරෙකුගේ කරපිටිනි.ඔහුට ඇවිදයාමට හෝ පණක් නැත. තමාගෙ සිතේ ඇති වේදනාව නිසා මතට ඇබ්බැහි වුවද තම ප්‍රශ්නයට මත්පැන් වලින් පිළිතුරක් නොලැබෙන බව ඔහු දැන දැනත් තාවකාලික සතුට උදෙසා සෑම දිනකම පාහේ වැටෙන්නම මත්පැන් ගැනීම යූන්ගිගේ පුරුද්දකි.

මිතුරා යූන්ගිව ඔහුගේ අගුල් නොදා තිබූ දොර ඇර යූන්ගිව දොරට හේත්තු කර යන්නට විය. ටික මොහොතින් යූන්ගි තමා සමගම කියැවීමට පටන් ගත්තේය.

"ඔයාට මම මොනාද පැටියෝ කරන්න ඕන??"

"ඔයාගෙ හයුන්ග් විදියට මම ඒ කරපු දේ වැරදිද?"

"ඔයා කොහොමද මගෙ පැටියෝ මම ඔයාගෙ හයුන්ග් නෙමෙයි කියන්නෙ????"

"මට මේවා තවත් දරාගන්න බෑ මනුස්සයෝ....මමත් මිනිහෙක්නෙ......තමුන්ට තමුන්ගෙ හයුන්ග්ට වැඩිය කොහෙද යන ජිමිනෙක් ලොකු උනේ කොහොමද කියනවා....ඒ උණහපුලුවා උඹේ අයියා නෙමෙයි යකෝ. ඒකා උඹව හදාගන්න ගත්තු පවුලෙ එකෙක්. උඹේ අයියා මමයි යකෝ. මම......."

යුන්ගි හඬමින් විලාප දෙන්නට වූ අතර ඒ අසලම තිබූ වීදුරුවක් පොලේ ගසුවේය. ඔහු වීදුරුවකින් නොනැවතී ගෙදර බඩු කුඩු කර දැමුවේය.


.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"ජිමින් හ්යෝන්ග්............"

"හොබී...මොකද මේ කෑ ගහන්නෙ?"

"ජිමින් හ්යොන්ග්......මට ඔයාගෙන් දෙයක් දැනගන්න ඕනී...."

"ඕනි දෙයක් අහන්න හොබී. දන්න දෙයක් නම් කියන්නම්."

"මන් දන්නවා ජිමිනි හියොන්ග් දන්නවයි කියලා"

"ම්ම්හ්...එහෙනම් අහන්නකො මොකද්ද ප්‍රශ්නෙ?"

"ජිමිනි හියොන්ග් කව්ද සුගා? ඇයි එයා මාව බලන්න එන්නෙ? ඇයි එයා මට හෝසෝකී ගාන්නෙ? එයා මගෙ හ්යොන්ග්ද?"

"යාහ්....හොබීයා......මම රොබෝ කෙනෙක්යෑ ඔච්චර ඉක්මනට ඔයාගෙ ප්‍රශ්නපත්තරේට උත්තර දෙන්න.?"

"කියන්නකො හ්යොන්ග්..."

"මම දන්නෑ."

ජිමින් එසේ කියා යන්නට ගියේය.


Hi 🙂🌹

කමෙන්ට් එකක් එහෙම දාගෙන යම්න. කමෙන්ට් එකක් දැම්මට අත ගෙවෙන්නෙ නෑනි...🙂😶

පරිස්සමින් ඉන්න කස්ටිය

Bye 👋
God bless 🙏
Saranghae ❤️

Writing by ✍️ Jeon Lily

||Who are you|| SOPE FF ♡ [COMPLETED]•Where stories live. Discover now