||Who are you|| SOPE FF ♡

240 52 37
                                    

නමුත් හදිසියේ සිදු වූ දෙයක් නිසාවෙන් මේ සියල්ල වෙනස් වුනි.

දිනක් කිසිවෙකුත් නොසිතූ පරිදි හෝසෝක් රිය අනතුරකට ලක් විය. ඒ ඔහුට යාන්තමින් වයස 14 වනවිටය.

ඒ දිනක් පාර්ක් පවුල ඉල්සාන්හි තිබූ පාර්ක් මහතාගෙ ව්‍යාපාර ශාඛාවකට ගොස් එන විටය. ඔවුන් සාමාන්‍යයෙන් ඉල්සාන් ගිය විට එහි වූ කුඩා ගම් වල සුන්දරත්වය, සිරි නරඹා දින දෙක තුනක් එහි ගතකොට විනෝදකාමී ලෙස ගතකර නැවත සෝල් බලා පැමිණීම පුරුද්දක් කරගෙන තිබුණි.

මෙවර ද ඔවුන් ඉල්සාන් ගොස් එන විට අධික ලෙස බීමත්ව සිටි වෑන් රථ රියදුරෙක් එක්වරම ඔහුගේ වාහනය පාර්ක් මහතාගෙ වාහනය දෙසට හැරවීම නිසා පිටුපස අසුනෙහි වම් පැත්තට වන්නට සිටි කුඩා හෝසෝක් විසි වී පාරට වැටුනේ හාල්මැස්සෙකු කූඩෙකින් බිමට වැටෙනවා සේය.

එම අනතුර කෙතරම් භයානකද කියතොත් හෝසෝක්ගේ මතකය මුළුමනින්ම අමතක වුනි. අඩුම තරමේ ඔහු කව්ද? නම,ගම, කාගෙ කවුද? මේ සියල්ලම අමතක වී අද ඊයෙ ඉපදුණු දරුවෙකු මෙන් කිසිවක් නොදැන ඇද මත වැතිර සිටියේය.

පාර්ක් මහතාගේ සහ පාර්ක් මහත්මියගේ උත්සාහයෙන් හෝසෝක් ඒ දෙපල ඔහුගේ දෙමව්පියන් ලෙස පිලිගත්තේය. එදා පටන් ඔහුගේ එකම සහෝදරයා වූයේ ජිමින්ය. යූන්ගි යනු කවුරුන්දැයි ඔහුට මතකයේ නොතිබුනි.

අනතුරට පෙර සමහර රාත්‍රීන්වල ඔහුට ඔහුගේ අයියා වූ යූන්ගිව මතක් වී හැඬීමට පටන් ගත්තද, ඔහු අනතුරෙන් පසු කිසි දිනෙක එසේ හැඬුවේ නැත.
එහෙත් ඔහු සමහරක් දින වල ඔළුව රිදෙනවා කියමින් මර හඬ දුන්නේය.

ජිමින් නම් හෝසෝක්ට මතකය එනවාට බොහෝ සේ අකමැතිය. සමහර විට ඔහු හෝසෝක්ට ආදරේ නිසාද වන්නට පුළුවන. එම නිසා ජිමින් යූන්ගිට වෛර කරනවා වන්නටද හැකිය. එහෙත් ජිමින් දන්නවා නම් ඔහු හෝසෝක් නොමැතිව විඳවන තරම? එසේ නම් ඔහු එසේ නොකර යූන්ගිටත් හෝසෝක් සමඟ සිටීමට කාලය දෙන්නට පුළුවන.

නමුත් මිනිසුන් විවිධාකාරයි.ලෝකයද විවිධාකාරයි.  ඉතාම ක්ෂණයකින් වෙනස්වන මිනිසුන් අතරේ නොවෙනස්වන එකම දෙයද වෙනස් වීමයි. කෙනෙක් එලියට පෙන්වන දෙය සමහර විට ඇතුලෙන් ඊට හාත්පසින්ම වෙනස් දෙයක් සඟවාගෙන සිටිනවා විය හැක. තමාගේ ඇත්ත සමාජයට නොපෙන්වා තමා හොඳින් බව ලෝකයට පෙන්වනවා විය හැක.

Sorry for mistakes.🌼

Hello 😃
කාලෙකට පස්සෙ නේ???

ඔව් ඔව් මම දන්නවා. දැන් සමහර විට මට ඔයාලා පළු යන්න බනිනවත් ඇති මේ යකා හත් අවුරුද්දකට විතර පස්සෙ ඇවිල්ලා කාලෙකට පස්සේ නේද කියලත් අහනවා කියලා.🙂🙏

ඕතර් වැඩ එක්ක හිර උනා ප්රෙන්ඩ්ස්. ඒ අස්සෙන් අසනීපත් උනා. අප්ඩේට් ඇණ හිටියා.🙂🙏💔

සමාව බැරල් එකකට දාලා දෙම්න පීස්.🙏🙂🛢️🛢️

පෙබරවාරි වෙනකම් ඔන් හෝල්ඩ් දැම්මත්  ඔයාලට අනුකම්පා කරලා ආවෙ.🙂🙃
(මලක් වත් දෙම්න ඉතින්🙂)

හැමදාම පරක්කු කරන්නෑ. පෙබරවාරි වෙනකම් සූට්ටක් ඉවසන්න හොඳේ.🥺🍃💫

අනිවාර්යයෙන්ම දෙනෝ...අලාව්යූ ❤️💜💕

Bye 👋
God bless 🙏
Saranghae ❤️

Writing by ✍️ Jeon Lily...

||Who are you|| SOPE FF ♡ [COMPLETED]•Where stories live. Discover now