||Who are you|| SOPE FF ♡

294 63 17
                                    


ජන්ග් යූන්ගි එහෙම නැත්නම් මින් සුගා....

කුඩා කල හදිසි ගින්නකින් නිවස දෙමව්පියෝ සහ තමන්ගේ එකම සහෝදරයාද අහිමි වූ තරුණයෙක්...

තමන්ගේ දෙමව්යෝ ඔහුට තිළින කළ ඔහුට ලොව වටිනාම ත්‍යාගය වූ ඔහුගේ සහෝදරයා මිය ගියා යැයි සිතමින් පිස්සෙක් මෙන් හඬමින් මහපාරවල් වල ගිය තරුණයෙක්......

උපයා ගන්නා සොච්චමෙන් මහ රෑ සමාජශාලා වල වැටෙන්නම මත්පැන් බී නිවසට වී හඬන අහිංසක හදවතක් සහිත තරුණයෙක්......

නමුත් අහම්බෙන් හම්බවෙන ආගන්තුකයෙක්......

මෙම තරුණයාගේ ජීවිතය වෙනස් කරන ආගන්තුකයෙක්....

මිය ගිය මිනිසෙකු මෙන් සිටි ඔහුට ජීවිතය කියා දුන් ආගන්තුකයෙක්.......

තමන්ගේ වැළලුනු අතීතය සොයා තමන්ගේ සහෝදරයාව සොයා ගැනීමට දිරිමත් කරනා ආගන්තුකයෙක්.....

ඔහු නමින් කිම් සොක් ජින්.....

ඒ අහිංසක තරුණ හදවතට ලං වූ එම ආගන්තුකයා කිම් සොක් ජින් විය.

තමා Min Company හි CEO වෙත ගෙන ආ ඒ ගන්තුකයා කිම් සොක්ජින් විය....

දිනක් මත් පැන් බෝතලයක්ද අතැතිව හන් ගඟ අසල හඬමින් සිටි තරුණයෙක්ට ඉතාමත් පිළිවෙලට ඇඳ සිටි වෛද්‍යවරයෙක්, එම තරුණයා හා කතා කොට ඔහුව තමාගෙ නිවසට ගෙන ගොස් තමාගේ ඇඳුමක්ද හැඳීමට දී තමාගෙ සහෝදරයෙකුට මෙන් සැලකුවේ ය.

මෙම තරුණයාට තමාගේ මුදලින්ම කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුල් අඩිතාලමද ලබා දී ඔහු මෙසේ හඬා වැලපෙන කාරණාවද අසා ඔහු තනි වී නැති බවත් ඔහුට සහෝදරයෙක් මෙන් තමා සිටින බවත් පවසා ඔහුව තවත් දිරිමත් කලේය.

කාලය ගෙවෙත්ම එම කුඩා ව්‍යාපාරය Kim min Company ලෙස දියුණු කලද තමාට මේතරම් උදව් කල, දිනක් අහම්බෙන් හමුවූ අමුත්තාගේ ඉල්ලීමක් මත එය Kim Min නොව Min Company ලෙස ඉදිරියට ගෙන යාමට සිදු විය.
දැන් මින් සමාගමෙහි ප්‍රධානියා යනු ලොවක් හඳුනන පුද්ගලයෙකි.

මෙම මින් සමාගමෙහි ප්‍රධානියා වෙන කවුරුවත් නොව ජන්ග් යූන්ගිය. එසේත් නැත්නම් මින් සුගා ය.

කිම් සොක්ජින් ජන්ග් යූන්ගිව වලළා මින් සුගාව එලියට ගත්තේය. ලොව කොයි කවුරුත් ජන්ග් යූන්ගිව නොදන්නා නමුත් මින් සුගාව යහමින් හඳුනයි. මින් සුගා යනු ව්‍යාපාර ජීවිතය ජයගත් ලොව ලාබාලතම ව්‍යාපාරිකයන්ගේ ලැයිස්තුවෙහි දෙවැන්නා ය. මින් සුගා කෙතරම් දියුණු වූයේද යත් ඔහුට සෝල්හි මින් ජාතික රෝහලද, සෝල් හි පැවැති ලොව හොඳම විශ්වවිද්‍යාල වලින් එකක් වන මින් විශ්වවිද්‍යාලයද අයිතිය. ඒ සියල්ලම ඔහු කුඩා ලෙස පටන් ගෙන ඉදිරියට දියුණු කල දේවල්ය. අද ඒවා ලොව පිලිගත් සන්නාමයක් සහිත මින් සමාගමේ ප්‍රධානම කොටස් ය.

නමුත් මේ සියළුම දේ සඳහා පාදක වන්නේ තිරය පිටුපස සිටින කිම් සොක්ජින් ය. ඔහු එදා යුන්ගි සමඟ කතාබහ කර ඔහුට ව්‍යාපාර කටයුතු කිරීමට අත නොදුන්නේ නම්, අද දින මින් සමාගමක් නැත. මින් විශ්වවිද්‍යාලයක් නොමැත. මින් ජාතික රෝහලක් නොමැත. නමුත් කිම් සොක්ජින්, යූන්ගි ඔහුව අගය කරනවාට හෝ ඔහුට ස්තුති කරනවාට බෙහෙවින්ම අකමැතිය.  ඔහු පවසන අන්දමට ඔහු යූන්ගිට කර ඇත්තේ ඉතාමත් සුළු දෙයක් පමණි. මේ තරම් දියුණු වීමට හේතුව යූන්ගිගේ මහන්සිය හා කැපවීම යන්නයි. එසේ බලන විට මොහු ඇත්තෙන්ම තිරය පිටුපස සිටින තැනැත්තෙක් සේය.

(Sorry for mistakes)

Hi🙂🌹

Happy birthday seokjin ssi...🌹💫🍃🌈💖

අනේ ඉතින් අපේ ලොකු අයියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනේ ඉතින් අපේ ලොකු අයියා. එයා තවත් අවුරුද්දකින් වයසට යනවා කියලා මතක් වෙනකොට ගොඩක් දුකයි.

ඒත් එයාගෙ Handsome look එක නම් එහෙම්මමයි.😄😻😎

ඉතින් අපි ඔක්කොම එයාට සුභ පතමු හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා. ලෙඩ රෝග කරදර වලින් තොරව නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.🌹💐🎂🎂

Bye 👋
God bless 🙏
Saranghae❤️

Written by ✍️ Jeon_Lily

||Who are you|| SOPE FF ♡ [COMPLETED]•Where stories live. Discover now