LOONA - GODDESS OF THE MOON

526 124 38
                                    

අද අහස හරිම ලස්සනයි... ජේජූ වලට ඒක තවත් ලස්සනට පෙනුනද මන්දා!!

වළාකුළු අඩු බොහොම පැහැදිලි අහසක් තිබුනා වගේම තරුත් පිරිලා තිබ්බේ වළාකුළු නැතිව පෑයුව හඳේ තනි මකන්න වගේ... ඇත්තටම තරු හඳේ තනි මැකුවද? ඒ රහස දන්නේ තරුත් හඳත් විතරමයි... සමහරවිට හඳට පාලු ඇති.. ඒ නිසාම වෙන්න ඇති සමහර දාට පුර හඳ පායලත් ඒ හඳ එලියේ දීප්තිමත් බව අඩු...

ඒත් අද නම් හඳ ඕනාවටත් වඩා බැබලුනා.. ඒත් ඒ ඇයි? ඒක අහන්න වෙන්නෙ හඳෙන්ම තමයි.. මොකද ඒ ගැන කවුරුත්ම දැනන් හිටියේ නෑ.. කවියන් පවා ගොලුවන තරමටම ඒ හඳ ලස්සනයි..දීප්තිමත්.. ජේජූ අහසට වෙනම හඳක් පායලාදෝ මන්දා.. අතරෙන් පතර ඔහේ ගමනාන්තයක් නැතුව පාවුනු වලාකුළු නිසා හඳ වැහිලා යද්දි මොකද්දො හේතුවකට ඒ වලාකුළු බලෙන්ම වගේ ඉවත් උනා.. හරියට හඳට අද වෙනදටත් වඩා තමන්ව ලස්සනට පෙන්නන්න ඕනේ වෙලා වගේ..

ඒත් ඒ ඇයි?

සමහරවිට කාලයක් බලන් උන්නූ කෙනෙක්ව හඳට හම්බවෙන්න ඇති.. හඳත් එක්ක හැන්ඟුනු රහස් මුහුදේ වැලිකැට ගානටත් වඩා තියෙන නිසා හඳේ මේ වෙනසට හේතුව කවුරුත් දන්නේ නැතුව ඇති..

ඉතින් හඳට එයා බලන් ඉන්න කෙනා හම්බවෙයිද? නැත්තං වළාකුළක් ඒ හඳ ගිල ගනීවිද?

ඒ ගැන දැනන් හිටියේ රහස් පුරවගත්තු අහසත් ජේජූ වල පරිසරයත් විතරයි.. සුදු පලසකින් ආවරණය වෙලා වගේ වේලිලා ගිය ගස් අතු අතරේ ලොකු හිම කුට්ටි තිබුනේ ඒවා හඳේ එලියෙන් ලස්සන වෙන්න ඕනේකමටම එතන රැඳුනා වගේ.. හමන සීතල හුළඟ අයෙක්ගේ ගතම නිවන්න තරම්ම සිසිල්.. බලන බලන තැන හිම පිරිලා තිබුනේ හරියට ඒ හිම පියලි වලට මේ සුන්දර පරිසරය දාලා යන්න බෑ කියන්න වගේ.. ඇත්තටම ඒ පරිසරය සිතුවමට නැගුවොත් ඒක තරම් ලස්සන චිත්‍රයක් මේ ලෝකෙම නැති වේවී..

ඒ අතරේ හෝටල් කාමරේක ජනේලයකින් ඒ හඳ දිහා බලන් හිටියේ කඩවසම් තරුණයෙක්. ඔහුගේ දෑස් තරු මෙන් දීප්තිමත්.. ඔහුගේ සිනහව වසන්ත සමයේ පිපෙන මලක් මෙන් සුන්දරයි.. හඳ එලිය වගේ දීප්තිමත්.. මේ කඩවසම් තරුණයාට හොඳින් වැඩුනු ශරීරයක් වගේම මනා උසකුත් තිබුනේ හරියට ඔහුව මවද්දි දෙවියන්ට මනුස්සයෙක්ගේ පෙනුම අමතක වෙලා තවත් සුරදූතයෙක් මවලා වගේ.. ඒතරම් කඩවසම් වගේම සුන්දරයි ඒ තරුණයා.. ලොකු හුස්මක් වාතලේට මුදා හැරිය තරුණයා වේදනා දෙන උරහිස් හෙමින් අතගෑවේ සමහරවිට දවස් ගාණක මහන්සිය නිසා වෙන්න ඇති..

SON OF THE MOON || Jin Centric ✔️Where stories live. Discover now