ABYSS - II

276 91 17
                                    

මම හොරෙන් ගෙදර යනවා..

ඔව් මට මේ වෙලේ කරන්න තියෙන එකම දේ ඒක.. නැත්නම් මම නිසා අනිත් අයගේ වැඩත් අවුල් වේවී.. දැනටම එයාලට හුඟක් මහන්සී මං නිසාම.. මේක ඉක්මනින් විසඳගන්න එක හැමෝටම හොඳයි..

-" හ්‍යුන්ග්.. ඔයා රෙස්ට් කරන්න.. අපි ප්‍රැක්ටිස් කරන්නම්.."

-" හ්ම්ම්.."

ටේහ්‍යෝන් කියද්දි මම කිව්වේ එච්චරයි.. මොකද මම තාමත් අඬන ගමන්.. අනිත් අය මගේ පිටට තට්ටුවක් දාලා නැගිටලා යද්දි කුකී මං දිහා බලාගෙන හිටියේ දුකෙන්..

-" හ්‍යුන්ග්.... කුමාවෝ...! "

කුකී කඳුලු පුරවන් එහෙම කියද්දි මම එයා දිහා බැලුවේ ඇයි අහන්න වගේ..

-" මම දන්නවා හ්‍යුන්ග් මෙච්චර කල් අපි ඉස්සරහා බොරුවට හිනා වෙලා හිටියා කියලා.. හැම දුකක්ම හන්ඟන් අපි ගැන බැලුවා කියලා.. කුමාවෝ හ්‍යුන්ග්.. පලවෙනි වතාවට අපිට හ්‍යුන්ග් ගැන බලන්න ඉඩ දුන්නට.. මං හ්‍යුන්ග් එක්ක ඉන්නම් හ්‍යුන්ග් මට ඔම්මා මතක් උනාම හිටියා වගේ.."

කුකී ඔහේ කියවන් යද්දි මට කියන්න හිතුනා ඇත්තටම මගේ ප්‍රශ්නේ මොකද්ද කියලා.. ඒත් මට බය හිතුනා..

මම බයයි එයාලා මට පිස්සු කියලා හිතයි කියලා..

මොකද කවදාවත් පවතින්නේ නැති දෙයක් ගැන එයාලා කොහොමත් විස්වාස කරන එකක් නෑ.. ඇරත් මට බය කරන්න ඕනේ නෑ එයාලව.. මට ඕනේ එයාලා එක්ක හොඳින් ඉන්න.. මම දන්නේ නෑ මේ මම එයාලා එක්ක ඉන්න අන්තිම පාරද කියලා..

-" හ්‍යුන්ග් ඔහොම නිදාගන්න.. මම හ්‍යුන්ග්ට කතා කරන්නම්.."

කුකී එහෙම කියලා අනිත් අය ලඟට දිව්වා ප්‍රැක්ටිස් කරන්න.. මම එහෙම්ම ඇස් පියාගෙන හිටියා.






ප්‍රැක්ටිස් ඉවර වෙලා අනිත් අයත් එක්ක මාත් ඩෝර්ම් එකට ගියා.. මම හිතේ අමාරුව හන්ඟගෙනම කට්ටියට කෑමත් හදලා ඒ අය එක්කම කෑවා.. මොකද මම දන්නවා මම මේ කරන වැඩෙන් ඒ අය ලොකු අමාරුවක වැටෙනවා කියලා.. මම හැමෝගෙන්ම හිතෙන් සමාව ඉල්ලුවා..

සමාවෙන්න

මම දන්නවා දැන දැනම වැරැද්දක් කරලා සමාව ඉල්ලන එක තේරුමක් නෑ.. ඒත් මං එහෙම කලේ මගේ හිත රවට්ටගන්න වෙන්න ඇති..

SON OF THE MOON || Jin Centric ✔️Where stories live. Discover now