ARMY'S JINNIE - PART I

240 86 10
                                    

Jungkook pov

අපි ජින් හ්‍යුන්ග්ව පුලුවන් තරම් හෙව්වා.. හති වැටෙනකන් හෙව්වා.. ඒත් හ්‍යුන්ග් ආයේ කවදාවත් ආවේ නෑ.. දැන් හ්‍යුන්ග් යන්න ගිහින් මාස තුනක්.. දැන් ඩෙත් ත්‍රෙට් එකක්වත් නෑ, හ්‍යුන්ග් ගැන කිව්ව කටකතා සේරම දැන් හොයන්නත් නෑ.. සේරම විසඳිලා.. ඒ වගේම අපි හැමෝම හ්‍යුන්ග්ව අමතක වෙයි කියලා බයටම ඩයරි අරගෙන හ්‍යුන්ග් ගැන තියෙන හැම මතකයක්ම ඉක්මනින් ලිව්වා ඒවයේ.. ඒත් තාමත් අපිට හ්‍යුන්ග්ව මතකයි.. ඩයරි නැතුවත්..

යුන්ගි හ්‍යුන්ග් කිව්වා වගේ මාසයක් යද්දි අපිට අමතක උනෙ නෑ හ්‍යුන්ග්ව..

ආමීලාටත් හ්‍යුන්ග්ව මතකයි. එයාලා හරි දුකෙන් ඉන්නේ හ්‍යුන්ග් නැති නිසා.. ඒ හැමෝම හ්‍යුන්ග් ගැන අහද්දි හයිබ් එකෙන් එක එක බොරු කිව්වා.. හැමෝම හිතන් ඉන්නේ ජින් හ්‍යුන්ග් අසනීපෙන් කියලා.. අද අපි හ්‍යුන්ග් නැතුව කරන පලවෙනි කොන්සර්ට් එක.. මම දන්නේ නෑ.. මට තේරෙන්නේ මම දැන් පරණ කුකී නෙවෙයි කියන එක විතරයි..

අද ආමිලාට කෑගහලා ආදරෙයි කියලා කියන්න මගේ හ්‍යුන්ග් නෑ

හාට් ඉවෙන්ට් එක කරන්න මගේ හ්‍යුන්ග් නෑ

අද මම ලෙඩ උනොත් මගේ පස්සෙන් දුවන් එන්න හ්‍යුන්ග් නෑ.

අද මම වැටුනොත් 'අපිට පුලුවන් කුකී' කියලා කියන්න මගේ හ්‍යුන්ග් නෑ.

වෙනදට මේකප් රූම් එක යුධ පිටිය වගේ උනත් අද ඒ කිසි දෙයක් නෑ.. හැමෝම බලාගත්ත අතේ ෆෝන් එක දිහා බලන් ඉන්නවා.. ඒ හ්‍යුන්ග් කතා කරයි කියලා..

ගෙවුන මාස තුනට ඩෝර්ම් එක කුණුගොඩ වගේ.. අපි කවුරුත් මේ වෙනකන් කප් නූඩ්ල්ස් ඇරෙන්න වෙන මුකුත්ම කෑවේ නෑ උදේට.. අපි ඒවා හයිබ් එකේ අයට දැනෙන්න දුන්නෙත් නෑ..දවල්ට අපි හයිබ් එකෙන් කෑවේ.. රෑට නම්ජූන් හ්‍යුන්ග් කෑම අරන් එනවා අපිට.. කන්න ඕනේ නිසා කෑවා ඇරෙන්න ගෙනාවේ මොනාද කියලාවත් බලන්න අපිට ඕනෙකමක් තිබුනෙ නෑ.. හරියට ඇවිදින මළකඳන් වගේ අපි.. මං දන්නවා හ්‍යුන්ග් නැතුව මම දවසක ඉන්න ඕනේ... ඒත් මං දන්නේ නෑ..

මං තාම හ්‍යුන්ගේ රූම් එකේ නිදාගන්නේ.. මම හැම රෑකම හැම උදේකම හ්‍යුන්ග් කොයි වෙලේ හරි එතනට ඒවි කියලා බලන් ඉන්නවා..

SON OF THE MOON || Jin Centric ✔️Where stories live. Discover now