THEIR HYUNG

244 88 17
                                    

Jungkook pov

-" ආශ්.. ඔලුව.. ඔලුව රිදෙනවා..."

මම උදේ නැගිටිද්දී මගේ ඔලුව පැලෙන්න වගේ දැනුනේ.. මම හෙමින් බිමට බැහැලා ටැබ්ලට් එකක් හොයාගන්න හැදුවත් මට ටැබ්ලට් එකක් හොයාගන්න බැරි උනා.. ජින් හ්‍යුන්ග් කියන එක ඇත්ත..

කවදාවත් මගේ රූම් එකේ වැඩකට ඇති දෙයක් නෑ..!

ඒ මදිවට මම රෑ මහ විකාර හීනයක් දැක්කේ... මට මතක නෑ කොහොම රූම් එකට ආවද කියලාවත්..

-" හ්‍යුන්ග් ලඟ ඇති..! "

මම එහෙම හිතාගෙන රූම් එකෙන් එලියට යන්න හදද්දි තමයි වෙලාව දැක්කේ.. වෙලාව දහයටත් කිට්ටුයි.. අයියෝ.. මේ ජින් හ්‍යුන්ග් නම්....

-" ජින් හ්‍යුන්ග්.............................!! ඇයි අප්පා කතා කලේ නැත්තේ.. අපි ප්‍රැක්ටිස් යන්න ඕනේ නේද? සේජින් හ්‍යුන්ග් ඇවිල්ලා දැන් අපේ ඔලුව කාවී... ජින් හ්‍යුන්-- හ්‍යුන්ග්? ''

මම කෑගහගෙන මගේ රූම් එකේ ඉඳන් හ්‍යුන්ගෙ රූම් එකට ගියා.. යද්දි කවදාවත් නැතුව දොර ඇරලා දාලා..

-" එපා... හ්‍යුන්ග්........!! ඒක හීනයක් නෙමේද එතකොට..? මගේ ජින් හ්‍යුන්ග්..!! "

මම මටම කියාගන්න ගමන් හ්‍යුන්ගෙ ඇඳ උඩින් වාඩි උනා.. ඇත්තටම මගේ කකුල් පණ නැතිව මාව වැටුනා..

මගේ ජින් හ්‍යුන්ග් යන්න ගිහින්ද?

හේතුවක් නැතුව මට ඇඬෙද්දි මම ගියේ හ්‍යුන්ග් ඉන්නවද කියලා බලන්න.. ඒ අතරේ මම දහස් වාරයක් හිතුවා ඒක හීනයක්ම වෙන්න කියලා..

මම එහෙම්ම යද්දි ඩෝර්ම් එකම එකම කලබලයක්..

-" ජින් හ්‍යුන්ග් මගේ ශූස් දෙක නෑ "

-" ජින් හ්‍යුන්ග් මට බඩගිනි "

-" ජින් හ්‍යුන්ග් මගේ ඇඳුම නෑ.."

-" ජින් හ්‍යුන්ග් ෆ්‍රිජ් එකේ කෑම ඉවරයි..."

-" ජින් හ්‍යුන්ග් මගේ ෆෝන් එක දැක්කද? "

-" ජින් හ්‍යුන්ග් මෙන්න නම්ජූන් හ්‍යුන්ග් ඔයාගේ අලුත්ම වීදුරු සෙට් එක කැඩුවා..! "

හැමෝම පිස්සො වගේ කෑගගහා එහෙට යනවා මෙහෙට යනවා.. ඒ හැමෝම හොයන්නේ ජින් හ්‍යුන්ග්ව.. කවුරුත් හ්‍යුන්ගේ රූම් එකට ගිහින් නෑ වගේ.. ඒ අතරේ යුන්ගි හ්‍යුන්ග් හිටියේ නෑ.. එයා ඇරෙන්න අනිත් හැමෝම කලබලෙන් එහෙ මෙහෙ යනවා..

SON OF THE MOON || Jin Centric ✔️Where stories live. Discover now