එදත් මං මගේ වැඩ ඇරිලා ආවෙ මගේ නිදහස හොයාගෙන.. හැමදාල වෙරළ ළඟ මං වෙනුවෙන් ඒ බංකුව ඉතුරු වෙලා තිබුණ ද කියන්න නම් මං දන්නෙ නෑ.. ඒත් මං යන වෙලාවට කවුරුත් ඒකෙ තියා ඒ ළඟ බංකු දෙක තුනේවත් හිටියෙ නැත්තෙ මං වගේ කාලකන්නි එකෙක්ට ඒ පැත්තම මූසල විදියට වෙන් කරල වගේ.. ඒත් මගේ මූසල කම ගැන හිතන්නෙ නැතුව මං මගේ නිදහස එතනදි උපරිමෙන් ම වින්ද.. මං තනියම.. ඒක තමයි මං ආස විදිය..ඔයාට හිතෙනව ඇති ඇයි මං තනි වෙන්න ආස කියල.. බැදීම ගොඩක් තියනකොට එක අතකින් ජීවත් වෙන්න ලේසි වෙද්දි අනිත් අතින් බැදීම් ගොඩක් නැති එකත් ජීවත් වෙන්න ලේසි කරනව.. තේරෙනව ද ඒ කොහොම ද කියල.. නෑ නේද.. ඔයා හිතල බලන්නකො මෙහෙම.. කෑම එකක බත් එක්ක කන්න ව්‍යෑංජන ජාති ගොඩක් තියනව කියල.. ඔයාට එතනින් බත් එක්ක කන්න ඕන මොකක් ද කියල හිතා ගන්න බෑ නේද.. ඉතින් ඔයා එක බත් කටක් කන්න අර ඔක්කොම ජාති එකට අනන්න ඕන.. එතකොට එතන තියන ඔක්කොම ඒවගෙන් එකතු වුනු රහක් නේද දැනෙන්නෙ.. ඒක රසවත්.. පිරිපුන්.. පෝෂ්‍යදායී වගේ ම ගොඩක් රසවල් එකතු වුනු නිසා කන්න ආසයි..
එතකොට අනිත් එක.. ඔයාට බත් එක්ක කන්න තියෙන්නේ එක ව්‍යෑංජනයක් කියල හිතන්න.. ඔයාට තෝර ගන්න තියෙන්නෙ ඒක විතරයි.. ලේසි.. කන බත් කටෙන් ඒකෙ රහ හොදට දැනෙනව.. ඉතින් ඒකත් හොද නැද්ද..
ඒ වගේ තමයි.. ගොඩක් බැදීම් තියෙද්දි අපට සමාජේ ජීවත් වෙන්න ලේසියි.. ඕන තැනකදි අපට තනි නොවී ඉන්න පුලුවන්.. ඒ වගේ ම තමයි බැදීම ගොඩක් නැති එකත්.. එතන දි අපි අපි එක්ක ඉන්න ටික දෙනත් එක්ක ඉන්නයි තියෙන්නෙ.. ගොඩක් ඇසුරු කරද්දි කවුරු හරි කෙනෙක් මග ඇරිල නොහිතා උනත් එයාගෙ හිත රිද්දනවට වඩා ඇසුරු කරන ටික දෙනත් එක්ක පහසුවෙන් ජීවත් වෙන්න පුලුවන්..
ඒත් දැන් ඔයාට හිතෙනව ඇති නේද බැදීම ගැන කියවන මේ කෙනාට එහෙම බැදීම ඇත්තෙම නෑ කියල.. ඔව්.. මට එහෙම බැදීමක් නෑ.. මොකද මගේ බැදීම තිබ්බෙ මගේ හිත එක්ක.. හිතෙන් මං හදා ගත්තු මගේ ලෝකෙ එක්ක වෙද්දි ඉතින් මට තව මොකට ද බැදීම්.. ඒකයි මං තනියෙන් ජීවත් වෙන මගේ ලෝකෙට ආස.. බැදීම් ගැන කියෙව්ව ඇති.. මං ආයිත් කතාවට එන්නම්..