E.23⭐⚫ 14344

227 51 114
                                    

____________~•°Black & White°•~___________

#Episode_23~

__×Taemin's Pov×__

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

__×Taemin's Pov×__

" සප්‍රායිස්ස්ස්....!! "

මම කෑ ගහගෙන බ්ලූගෙ කිචන් එකට රිංගුවෙ ෆෝන් එකෙන් ඒක වීඩියෝ කරන ගමන්. මගේ පිටිපස්සෙන් ඒඩ්‍රියනුත් සාක්කු වලට අත් දාගෙන ආවා. සාමාන්‍ය අපි බ්ලූගෙ ගෙදරට සෙට් වෙන්නෙ මිලෙන් වැඩි වයින් එකක්, බියර් එකක් බීලා වෙරි වෙන්න. වෙරි උනාම ග්වන්ජුන්සෙක් කියවනවා අහන් ඉන්න අපි හැමෝම ආසයි...ඉතින් වෙරි බැස්සම ග්වන්ජුන්සෙක්ට ඒවා පෙන්නලා පොඩි ආතල් එකක් ගන්න එක තරම් සතුටක් අපිට තවත් නෑ...

ඒත් කිචන් එකට ඇතුල් උන අපිටනම් පෙනුනේ අපි බලන්න හිතන් හිටපු දෙයින් සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්...ඇගේ කෑලි තැන තැන මේසෙපුරා විසිරිලා ගියපු මළමිනී තුනක් ග්වන්ජුන්සෙක්ගෙ ඉස්සරහින් පුටු උඩ ඉදගෙනහිටියා...අපිට පිටිපස්ස හරවගෙන හිටපු ග්වන්ජුන්සෙක් ඇග ගස්ස ගස්ස හිනාවෙන්න ගත්තා.

" ග්වන්ජුන්සෙක්- " මම කියන්න ගිය දේ නොකිය නතර කලේ ෆ්‍රිජ් එකට හේත්තුවෙලා හිටපු කෙනාව දැක්කට පස්සෙයි.

" බ්ලූ...බ්ලූ...දෙවියනේ බ්ලූ!" මගේ පිටිපස්සෙ හිටගෙන හිටපු ඒඩ්‍රියන් මාවත් තල්ලු කරන් බ්ලූ ගාවට දුවන් ගියා. නිසොල්මනේ හිටපු බ්ලූගෙ මුහුදු නිල්පාට ඇස් ඇරිලයි තිබ්බෙ. පපු පාසා කරගෙන ගිහින් තිබ්බ පියෙන් රැඳවුණු නෝට් එකේ තිබ්බ දේ මට මෙතනටත් හොඳට පෙනුනා.

" සප්‍රයිස් ! "

" මේරිනට් !!! " ඊලඟ මොහොතෙ ඒඩ්‍රියන්ගෙන් පිටවුණේ විලාපයක්. දෙදණින් වැටුනු ඒඩියන් බ්ලූව තමන්ට තුරුළු කරගත්තා.

 𝕭𝖑𝖆𝖈𝖐 & 𝖂𝖍𝖎𝖙𝖊 | KTH | onholdDonde viven las historias. Descúbrelo ahora