E.24⚫⭐ Him & I

199 50 91
                                    

____________~•°Black & White°•~___________

#Episode_24~

__×Kim Taehyung's Pov×__

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


__×Kim Taehyung's Pov×__

මම හිටියෙ ග්වන්ජුන්සෙක්ගෙ මූණ දිහා බලාගෙන. ට්‍රැෆික් අස්සෙ නොඉවසිල්ලෙන් එක එක දේවල් කරන ග්වන්ජුන්සෙක්ගෙ මේ හැසිරීම මාව පුදුම කරා. ග්වන්ජුන්සෙක් මේ වෙනස් උනු තරම මට හිතාගන්නවත් බෑ. අවංකවම මට දැනගන්න ආසයි ග්වන්ජුන්සෙක් වෙනස් වෙන්න හේතුව මොකද්ද කියලා. ටිකවෙලාවක් ග්වන්ජුන්සෙක්ගෙ හැසිරීම් දිහා බලන් හිටපු මම එයාගෙ අත උඩින් මගේ අත තිබ්බා.

මුලින් ගැස්සිලා මගේ දිහා බැලුවත් ඊලඟට ග්වන්ජුන්සෙක් මගේ එක්ක ඇස් පුංචි කරලා හිනාවුණා. මම ඒ අත තදින් මිරිකන ගමන් හාදුවක් දුන්නෙ ටිකක් පහත් වෙලා. ග්වන්ජුන්සෙක් මගේ අත තද කරලා අල්ලන් සුසුමක් හෙළලා නිහඬව වින්ඩෝ එකෙන් එලිය බලාගත්තා. මොකක් හරි දෙයක් එයාගෙ හිතට වද දෙන පාටකුයි පේන්න තිබ්බෙ ...

ග්වන්ජුන්සෙක්ගෙ හිතට වද දෙන හේතුව එයා මාව එක්කන් ආපු තැනට එනකන්ම මට තේරුනේ නැහැ. ඒක හොස්පිට්ල් එකක්! දැන් මට තේරෙනවා ඇයි ග්වන්ජුන්සෙක් මෙච්චර නොඉවසිලිමත් කියලා...ඒත් ඇඩ්මිට් වෙලා ඉන්නෙ ග්වන්ජුන්සෙක්ගෙ කවුද කියන ප්‍රශ්ණෙ ඊලඟට මට ආවා...

" ග්වන්ජුන්සෙක් !!! කොහේද හිටියෙ- මොකද්ද උනේ!!??? ඔයා මොකද්ද ඒ කරේ! අන්න චීෆ්- " එකපාරම කවුදෝ පිරිමි කෙනෙක් ග්වන්ජුන්සෙක් ගාවට දුවගෙන ඇවිත් කියවන්න ගත්තත් එයා කතාව අතරමගින් නවත්තලා ඇස් ලොකු කරලා මගේ දිහා බැලුවා...

⚫ " මේ මගේ නම්ජාචිංගු , ක්න්දේ...ඔය කටට බ්‍රේක් නැහැනෙ ජොන්හියුන් "

ග්වන්ජුන්සෙක් , මට නම්ජාචිංගු කිව්වා....අනේ ඇත්තටම , එවෙලෙ මම රතු උනු හැටි කවුරුහරි දැක්කනම් මං මැරෙනකන්ම කට්ටිය මට විහිළු කරයි..අන්තිමෙ ග්වන්ජුන්සෙක් ඒක පිලිගත්තා! මගෙ හදවත පුංචි ගේ කුරුල්ලෙක් වගේ සතුටින් පිනුම් ගහද්දි මම තවත් ටිකක් ග්වන්ජුන්සෙක්ට ලං උනා.

 𝕭𝖑𝖆𝖈𝖐 & 𝖂𝖍𝖎𝖙𝖊 | KTH | onholdOnde histórias criam vida. Descubra agora