E.26 ⚫⭐ Without You

181 39 92
                                    

____________~•°Black & White°•~___________

#Episode_26~

__×Kim Taehyung's Pov×__

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__×Kim Taehyung's Pov×__

ලේ ගෑවුණු අත්වලින් මූණෙ දාඩිය පිහදගනිපු ග්වන්ජුන්සෙක් වැනි වැනිම අඩි කීපයක් ඉස්සරහට ගිහින් බිම වැටිලා හිටපු මනුස්සයෙක්ට වෙඩි තිබ්බා...අත් දෙකේ තිබ්බ දිග කිනිස්සත් ගන් එකත් ග්වන්ජුන්සෙක්ට ගෙනාවෙ භයානක පෙනුමක්. තැන තැන වැටිලා හිටපු මිනිස්සු අතරින් ඒ මිනිස්සුන්ට පයින් ගගහා ගියපු ග්වන්ජුන්සෙක් එක මනුස්සයෙක් ගාව නැවතුනා...

⚫ " කවුද උබලව එවුවේ? " ග්වන්ජුන්සෙක් උගේ ඇග උඩට නැගලා අතේ තිබ්බ ගන් එක මනුස්සයගෙ නිකටට තිබ්බා.

ඒ මනුස්සයා අමාරුවෙන් කෙඳිරි ගෑවත් කිසිම වචනයක් කිව්වේ නෑ...

⚫ " කියපන්!! කවුද උබලව එවුවේ!!!?? " ග්වන්ජුන්සෙක් ඒ මනුස්සයට කම්මුල් පාරක් ගහලා අහසට වෙඩිල්ලක් තිබ්බා...ඒකෙන් මනුස්සයා බය උනත් තවමත් කිසි කතාවක් නෑ...කා එක ගාව බිම වැටීගෙන කා එකට හේත්තුවෙලා හිටපු මම තව ටිකක් පස්සටගියේ ග්වන්ජුන්සෙක් හිනාවෙන්න ගතිපු නිසයි. ඒ හිනාව-ඒක- වියරු වැටුනු හිනාවක්!


⚫ " දන්නවද මම කවුද කියලා ??? ආ බල්ලො!? මම තමයි ග්වන්ජුන්සෙක් !! හිතුවද කොරියානු රජයට ඕනි කරන භයානකම මිනීමරුවව උබලට මරන්න පුළුවන් කියලා ? ග්වන්ජුන්සෙක් කියන නම ලෝකෙ හැම රහස් පොලීසියකම තියෙනවා ,ඒත් ඒ එකෙක්ටවත් මාව මරනවා තියා මගේ ජෙන්ඩර් එකවත් තවම හොයාගන්න පුළුවන් උනාද?" ග්වන්ජුන්සෙක් තවත් හයියෙන් හිනාවෙද්දි ඒ හිනාව මගේ ඇඟ විනිවිද යනවා වගෙයි පෙනුනෙ.

එතකොට- මම මෙච්චර කල් ග්වන්ජුන්සෙක් ගැන මවන් තිබ්බ ප්‍රතිරූපෙ? ඒක බොරුවක්ද? නිව්ස් වලට නිතරම කියන පොලිස් වලින් හොයන "ග්වන්ජුන්සෙක්" කියන්නෙ මගේ ග්වන්ජුන්සෙක්ටද? භයානකම මිනීමරුවා- මට මතක් උනේ එදා අප්පා එක්ක නිව්ස් බලද්දි ග්වන්ජුන්සෙක් තවත් මනුස්සයෙක්ගෙ ඔලුවක් චප්ප වෙනකන්ම යකඩ කූරකින් ගහපු හැටි! ජෙන්ඩර් එක? ඔව්.... හැමෝම දන්නෙ ග්වන්ජුන්සෙක් කියන්නෙ කොල්ලෙක් කියලා!

 𝕭𝖑𝖆𝖈𝖐 & 𝖂𝖍𝖎𝖙𝖊 | KTH | onholdWhere stories live. Discover now