" ඔම්මා මන් මේක අදින්නම ඕනද ? "
කියාරා තමන්ගේ කාමරේ ඉදන්ම හයියෙන් කෑගැහුවේ පහලට වෙලා මේඩ්ලත් එක්ක ඩිනර් ටේබ්ල් එක හදන ඔම්මට ඇහෙන්න.
" යාහ් ඔච්චර හයියෙන් කෑගහන්නේ නැතුව ඕක ඇදන් එන්න කියා පැටියෝ "
මුල ටික හයියෙන් කියලා අවසාන ටික බටර් ගානවා වගේ කිව්ව කියාරාගේ ඔම්මා ආයෙමත් තමන්ගේ වැඩේට අවදානේ දුන්නා.
ඔම්මට ඇහෙන්නේ නෑ කියලා දැන දැනම කකුල් පොලොවේ ගගහා ගිය කියාරා ඔම්මා ගෙනල්ලා තිබ්බ ඇදුම ඇදගෙන පහලට ආවේ ඕනවට එපාවට වගේ.
" ඕමෝ හනී බලන්නකෝ අපෙ කියාගේ ලස්සන "
කියාගේ අප්පා කියාව හුරතල් කරනකොට කියා නම් හිටියේ නිකන් බාබකිව් දාපු කිකිලියෙක් වගේ මූන එල්ලගෙන.
" මොකද මේ මූන එල්ලන් දරුවෝ ? ඔයා අකමැති නම් වෙන එකක් ඇදන් එන්න "
මොනවා උනත් තමන්ගේ දරුවා දුකින් ඉන්නවා බලන් ඉන්න බැරි උන කියාරාගේ ඔම්මා කියාට කියද්දි කියාරා ඔලුව දෙපැත්තට වැනුවේ ඕන නෑ කියන්න වගෙ.
🔔🔔🔔🔔
ගෙදර බෙල් එක වදිනවත් එක්කම කියාරාගේ ඔම්මා ගිහිල්ලා ඩෝර් එක ඇරියේ ගොඩක් සතුටකින්
" ගොඩ කාලෙකින් යේරී. "
කියාරාගේ ඔම්මා ගෙදරට ආපු අමුත්තෝ ටික ගේ ඇතුලට එක්කන් එනකොට කියාරාගේ අප්පා හිටියේ කියාරට ඉන්න ඕන විදිය කියලා දෙන ගමන්. ඒ තරමටම කියාගේ අප්පා කියාගේ හැසිරිමේ හොදකම දැනගෙන හිටියා.
" මේ බලන්නකෝ පුතා ලොකු වෙලා තියෙන තරම් "
කියාරාගේ ඔම්මා එයාගේ යාලුවා එක්ක කතා කරලා ඉවර වුන ගමන් හැරුනේ අවුරුදු ගානකට පස්සේ දැකපු තමන්ගේ හොදම යාලුවාගෙ පුතාගේ පැත්තට.