Chapter 5

702 159 322
                                    

" කියාරා........................

කියාරා............................

කියාරා.............................  "

ලියා කියාරගේ නම කියලා කෑගහන්න ගත්තේ කියාරා බනිස් බේක් කරන සයිඩ් එකේවත් කැෆේ එකේවත් පේන්න හිටියේ නැති නිසා.

කියාරව හොයාගන්න බැරි තැන ටේහ්‍යුන්ග්ට ඒක කියන්න එලියට යන්න හැදුව ලියා නැවතුනේ කියාරා පිටිපස්සේ දොරෙන් ඇතුලට එනව දැකලා.

" අහ් උන්නී මන් මේ කුනු ගිහින් දාන්න ගියා "

ලියා බය වෙලා වගේ කියාරා දිහා බලන් ඉන්නවා දැක්ක කියාරා හිනා වෙන ගමන් කියලා අත් දෙක සෝදගත්තත් ලියා තාම ඉන්නේ බය වෙලා

" යාහ් මන් කොල්ලෙක් එක්ක පැනලා ගියා කියලද හිතුවේ "

කියාරා ලියාගේ බෙල්ලේ එල්ලෙන ගමන් කියනකොට ලාවට හිනා උන ලියා කොෆී ශොප් එක ඕපන් කරන්න එලියට ගියේ දැන් වෙලාව හරි නිසා.

" මොනා වෙලාද මන්දා ? "

ලියාගේ හැසිරීම ගැන හිත හිතම කියාර බනිස් ටික අරගෙන එලියට ආවෙ ඒ ටික ශෝ කේස් එකෙන් තියන්න.

ශොප් එකේ අයිනකම තිබ්බ ටේබල් එකක වාඩි වෙල හිටිය ටේහ්‍යුන්ග්ව කියාරා හොදටම දැක්කත් දැක්කේ නෑ වගේ එයාගේ වැඩ ටික කරගෙන යන්න කියාරට පුලුවන් උනා.

" කියාරා අර එහා කොනේ ටේබල් එකේ ඉන්න කෙනා උදේ ඉදන් ඉන්නේ. දැනටම මිල්ක්ශේක් හතයි බනිස් හයකුයි කොෆී තුනකුයි ඔය මනුස්සයා කෑවා බිව්වා. තාම යන පාටක් නෑ වගේ පොඩ්ඩක් බලනවද කියාරා "

ලියා එහෙම කියනගමන් ඇතුලට ගියේ තව ඕඩර් එකක් අරන් යන්න.

කියාරා හොද හුස්මක් අරගෙන වේටර් බුක් එකත් අරගෙනම ටේහ්‍යුන්ග් ලගට ගියේ මේක එයාගේ ජොබ් එක කියන එක තමන්ටම මතක් කරගන්න ගමන්.

" excuse me sir. සර් තව මොනා හරි ඕඩර් කරනවද ? නැත්තන් බිල් එක පේ කරලා යනවද ? මේ වෙලාවේ කස්ටමර්ස්ලා වැඩී ඒ නිසා........... "

" තව ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් දෙකක් ගේන්න "

ටේහ්‍යුන්ග් කියාරට කියන්න ගිය එකවත් කියන්න නොදී කියනකොට කියාරා ටේහ්‍යුන්ග්ටත් රවාගෙනම එතනින් ගියේ ලියා ටේහ්‍යුන්ග්ට ඇහැක් ගහද්දී.

꧁ 🄷🄸🅂 🅁🄴🅃🅄🅁🄽 ꧂ (  cσмpłεтεd  )Where stories live. Discover now