" wowwwwwwwwwww 😳😳😳 "
කියාරා ජන්කුක්ගෙ පිට උඩ ඉදගෙනම කෑගහගෙන අත් දෙක දික් කරේ පොඩි එකෙක් එයාගේ ආසම දේ දැක්කම කෑගහනවා වගේ.
යුන්ගි කියාරා දිහාවට හැරිලා ගෙරෙව්වත් යුන්ගිව සත පහකට ගනන් ගත්තේ නැති කියාරා ජන්කුක්ගේ පිටෙන් පැනලා ඒ දිහාවට දිව්වේ අත් දෙකත් දික් කරගෙනමයි.
කියාරාගේ පොඩි කාලේ ඉදන්ම තිබ්බ ආසාවක් තමයි විලක් ලග මේ වගේ කැලේක තියෙන ගේක ටික කාලයක් හරි ජීවත් වෙන එක.
ගේ පැත්තට දිව්ව කියාරා ආයේ මොනවා හරි මතක් උනා වගේ යුන්ගි දිහාවට දුවන් එනකොට යුන්ගි වගේම ජන්කුක්තුත් ආයෙමත් එයාලාගේ මනුස්ස ස්වරූපෙට ඇවිල්ලා ඇදුම් මාරු කරගෙන හිටියා.
" පූස්.... පූස් ඔප්පා... මෙ....මෙහෙ තව.... ඉ..... ඉන්නවද ? "
කියාරා බිමට නැමිලා දනිහිස් දෙකත් අල්ලගෙන හති අරින ගමන් ඇහුවේ ඇගිල්ලකින් ගේ දිහා පෙන්නන ගමන්.
යුන්ගි මුකුත් නොකියා ඉස්සරහට ඇවිදන් යනකොට කියාරා ගිහිල්ලා ජන්කුක්ගේ කරට පැන්නේ එයාව උස්සන් යන්න කියල කියන්න වගේ.
" යාආආඅහ් බහිනවා බිමටාආආආආ. "
ජන්කුක් එහාට මෙහෙට වැනෙන ගමන් කෑගැහුවා උනත් කියාරා ඒ කිසිදෙයක් ඇහෙන්නේ නෑ වගේ ජන්කුක්ගේ කරේ එල්ලිලා හිටියේ කෝලා කෙනෙක් වගේ.
" යුන්ගී හ්‍යුන්ග්ග්ග්ග්ග්ග් "
ජන්කුක් බැරිම තැන යුන්ගි දිහා බලලා කෙදිරි ගාන්න ගත්තේ කියාරාට යන්න කියන්න වගේ.
තමන්ට නිදාගන්න හැමතිස්සෙම වදයක් වෙන ජන්කුක්ට පාඩමක් උගන්නන හිතාගෙන යුන්ගි ජන්කුක්ව ඇහෙන්නේ නැති ගානට ඉස්සරහට ඇවිදන් ගියේ ජන්කුක් පොලොවේ අඩි ගස්ස ගස්ස කියාරාවත් උස්සන් එයාලාගෙ ලේක් හව්ස් එකට ඇවිදන් යද්දී