1

509 125 91
                                    

'දන්නවද අලුත්ම නිව්ස් එක?' මින් ව්‍යාපාරයේ එක් සේවකයෙකු තමා අත වූ පුවත්පත සමඟ තවකෙකුගේ උරයට නැඹුරු වූවේය.

අනෙක් සියලු දෙනාම පුවත්පත වටා රැස් වූයේ එය කුමක්දැයි දැක බලා ගැනීම සඳහාය. 

'ලෝක ප්‍රසිද්ධ මින් ව්‍යාපාරයේ හිමිකරුගේ ලේකම්වරිය මා හමුවට පැමිණි විට කීවා ඇය සමලිංගික බව.' එකෙකු මහ හඬින් පුවත්පතේ වූ සිරස්තලය හඬ නගා පැවසීය.

'කවුද ඔය කියන්නේ?' 

'මනෝ වෛද්‍ය ජෝ බොගම්.'

'අපේ මිස් ගායෙල් සමලිංගිකයි!'

'ඒකිට නම් මිස් කියන්නවත් හොඳ නෑ ආයේ...'

'මේක අපේ කම්පැනි එකේ නමටත් හොඳ නෑ.' 

යුන්ජේ නිදහසේ තමාගේ බෑගය අතකින් වනමින් කාර්යාලයට යන්නට දොර විවර කරන විට එක තැනක රැස්ව සිටි සේවකයන් පිරිස දුටුවේය. ඔහු හිසකෙස් අතකින් පසුපසට කර එතැනට පැමිණ සේවයකයෙකුගේ උරහිසින් එබී පුවත්පත දෙස බැලීය.

'මොනවද ඔයාලා බලන්නේ?'

සියල්ලන් තිගැස්සී පසුපසට පැන යුන්ජේට ආචාර කරන්නට වූහ. 'සුබ උදෑසනක් සර්...'

'ලෝක ප්‍රසිද්ධ මින් ව්‍යාපාරයේ හිමිකරුගේ ලේකම්වරිය මා හමුවට පැමිණි විට කීවා ඇය සමලිංගික බව...?' යුන්ජේ පත්තරයේ වූ සිරස්තලය මිමිණූ විට සේවකයන් එකිනෙකාගේ මුහුණු දෙස බැලුවේ යුන්ජේගේ ප්‍රතිචාරය අනුමාන කරන්නට වෙර දරනා ආකාරයෙනි.

යුන්ජේ පුවත්පත එක් අතකට ගෙන ඔහු දෙස බලා සිටි සේවක පිරිස දෙසට යක්ෂාවේශ වූ බැල්මක් හෙලීය. 'මොනවද බලන් ඉන්නේ! යන්න වැඩ පටන් ගන්න.' ඔහු දිගු සුසුමක් ගත්තේය. 'ගායෙල් ආවහම කෙලින්ම මාව හම්බෙන්න එන්න කියන්න.'

යුන්ජේ යන දෙස බලා සිටි සේවක පිරිස් යටැසින් එකිනෙකා දෙස බැලූහ. 'අද නම් ගායෙල්ගේ රස්සාවත් ඉවරයි. හොඳ වැඩේ හැබැයි ඕන නැති වැඩ කරන්න යනවට.' 

'මිස්ටර් මින්ට ඒ වගේ අය පේන්න බැරිලු.' 

'හම්මෝ ඒක හොඳයි. ගායෙල් වගේ එවුන් මේ ලෝකෙටත් තර්ජනයක්. උන්ව යවන්න ඕන වෙනම දූපතකට.' 

𝙷𝙰𝙻𝙲𝚈𝙾𝙽 -  𝚢𝚘𝚘𝚗𝚖𝚒𝚗 | 𝙱𝙻 + 𝙶𝙻Where stories live. Discover now