3

207 86 21
                                    

'අක්කේ...' ජේමින්ගේ හඬ ඇසුණු පසු ගායෙල් හිස ඔසවා බැලුවාය.

'හ්ම්ම්?' 

ජේමින් ඔහුගේ දෑත් දෙපසට විහිදුවා‍ලූයේ තමාව බදාගන්න යැයි ගායෙල්ට හඟවමිනි. ගායෙල් එයට මදක් පසු බෑවාය. 

ඇයට කිසිවක් කිරීම සඳහා සිරුරේ ශක්තියක් ඉතිරිව නොතිබිණි. නමුත් ජේමින්ගේ සිත රිදවීමද ඇය වෛර කළ දෙයකි.

දිගු සුසුමක් ගත් ඇය ඔහුගේ පසෙකින් ඇ‍ඳේ වැතිරී ඔහු වටා දෑත් යවා ඔහුව තුරුල් කර ගත්තේය.

'ජේ...' 

'හ්ම්ම්?' 

'මට සමාවෙන්න ඔයාගේ යාළුවෝ නැති වුණ එක ගැන. ඔයාට මං නිසා අමාරු කාලයක් එයි... මට සමාවෙන්න.' ඇගේ හඬ මදින් මද බිඳී යන්නට විය.

ජේමින් තමාගේ හිස ඇගේ පපුව මතින් තබා ඇයව වැළඳ ගත්තේය. 'මට දැන් පහළවක් අක්කේ. මට යාළුවෝ නැතුව ඉන්න පුළුවන්.'

ගායෙල් තමාගේ හිස නවා ජේමින්ගේ නළල සිප ගත්තාය. 'ඔයා නිදාගන්නවද? මම ගිහින් කුස්සිය අස් කරලා හෙට උයන්න තියෙන්නේ මොනවද කියලා බලන්න ඕන.'

ජේමින් හිස වැනුවේය. ගායෙල් ඔහුගේ සිරුර වැසෙන සේ රෙද්දක් පොරවා එතැනින් පිටව ගියාය. ඇය යන විටත් පියා සිටියේ ඔහුගේ කාමරයේය.

'තාත්තේ...' ඇය සෙමින් පැවසුවාය. 'කෑම කන්න...'

එයට පිළිතුරක් නොලැබුණ තැන ඇය සෙමෙන් ඔහුගේ දොර විවර කර හිස ඇතුළට එබුවාය. 

තඩ් ශබ්දයක් සමගින් එක්වරම ඇයට දැනුණේ ඇගේ හිස බිත්තියේ වදිනා අයුරුයි. තමාගේ මුවින් පිටවූ වේදනාත්මක කෙඳිරිය වළකා ගැනීමට ඇය ගත් උත්සාහයද අසාර්ථක විය.

'අක්කේ...'

තමාගේ හිස බිත්තියට තද ‍කර සිටි පියා දෙස බැලූ ගායෙල් දෑස් තද කොට පියා ගත්තාය. 'මුකුත් වුණේ නැහැ ජේමින්. මගේ අතේ තිබුණ බඩු වගයක් බිම වැටුණා. ඔයා නිදාගන්න.' 

පියා තදින් ඔහුගේ කාමරයේ දොර වසනා අයුරු ඇයට දැනිණි. ඇගේ ගෙල සිරවී තිබිණි. ගායෙල් හුස්ම ගන්නට තැත් කළාය.

ඇයගේ වටා වූ සියල්ලම දිනයේ දෙවන වතාවටත් කළු පැහැයට හැරෙන ආකාරය ඇයට පෙනිණි.

𝙷𝙰𝙻𝙲𝚈𝙾𝙽 -  𝚢𝚘𝚘𝚗𝚖𝚒𝚗 | 𝙱𝙻 + 𝙶𝙻Where stories live. Discover now