4

191 78 39
                                    

'ඔයාද මිස් ගායෙල්?' යමෙකුගේ ඉංග්‍රීසි ඌරුවට හුරු හඬකින් තිගැස්සුණු ගායෙල් හිස ඔසවා බැලීය.

ඇය පුදුමයට පත් වූයේ බොරු කොණ්ඩයක් දමාගෙන කොට සායකින් හා බ්ලේසරයකින් සැරසී සිටි යුන්ජේව දැකීමෙනි.

ඉන් පසුව ඇයට සිහි වූයේ ඒ යුන්ජේ නොව යුන්ජී බවයි.

'මිස් මින්...' ගායෙල් පුටුවෙන් නැගිට ආචාර කළාය. 'ඔව්... මම තමයි ගායෙල්.' 

'ඔයා කොෆී රූම් එකේ ඉන්නවා කිව්වා. මට ඔයා එක්ක ඉන්න කියලා යුන්ගි කිව්වා.' යුන්ජී එතැනින් ඇගේ අත් බෑගය තබමින් පැවසුවාය. 

'වාඩිවෙන්න මැඩම්... මම කොෆී එකක් හදන් එන්නද මැඩම්ට?'

යුන්ජී ඇගේ දිගු ඇඟිල්ලකින් දෑස් මත වූ අව් කණ්ණාඩිය පහත් කොට ගායෙල් දෙසට බැල්මක් හෙලීය. 'මැඩම් කියලා කතා කරන්න ඕන නෑ. නිකන් යුන්ජී කියන්න. සහ... කෝපි එකක් එපා මට පුළුවන් නම් චොකලට් එකක් හදලා දෙන්න.'

ගායෙල් කෙල ගිල්ලාය. 'හරි... මැඩ...' 

ඇය කිසිවක් නොකියා එතැනින් පිටව මුළුතැන්ගෙය සොයා ගියේ චොකලට් බීම වීදුරුවක් තැනීම සඳහාය. ඇයට අවැසි වූයේ නිදහසේ යමක් කල්පනා කිරීමට අවකාශයයි.

විනාඩි දහයකට පසුව ඇය නැවත යුන්ජි කරා යන විට යුන්ජි ගායෙල්⁣ සකස් කර තිබූ පත්‍රිකා ගොනුවක් පරීක්ෂා කරමින් සිටියාය.

'තැන්ක් යූ ගායෙල්. ඔයා ලස්සනට වැඩ කරනවානේ. අපේ යුන්ජේ ඔයාව අයින් කරන්න කැමති නැත්තේ ඇයි කියලා මට හිතාගන්න පුළුවන්.'

ගායෙල් කිසිඳු පිළිතුරක් නොදී මද වේලාවක් යුන්ජි දෙස බලා සිටියාය. 'තෑන්ක් යූ අර්ර්... යුන්ජි?'

යුන්ජී සිනා සී කෝප්පය අතට ගෙන එය තොල ගාන්නට වූවාය. 

ගායෙල් ඇය ඉදිරිපසින් හිඳගෙන නැවතත් තම කාර්යය සම්පූර්ණ කිරීම ආරම්භ කළේ ඇයට කිරීමට වෙන යමක් නොවූ නිසාවෙනි.

ඔවුන්‍ දෙදෙනා අතර පැවති නිහඬතාවය බිඳිමින් එතැනට එක්වරම කඩා පාත් වූයේ යුන්ජේය.

'හෙලෝ කෙල්ලනේ!!!' 

යුන්ජී පසුපස හැරුණාය. 'හලෝ තිරිසනා. කොහොමද ඔයාට!?' 

𝙷𝙰𝙻𝙲𝚈𝙾𝙽 -  𝚢𝚘𝚘𝚗𝚖𝚒𝚗 | 𝙱𝙻 + 𝙶𝙻Where stories live. Discover now