5

205 77 26
                                    

 දෙමසකට අධික කාලයක් ඔවුන් තිදෙනා එක්ව වැඩ කරමින් සිටියහ.

යුන්ජී වදනින් විස්තර කළ නොහැකි තරම් සාහසික තරුණියක් වූ අතර ඔවුන්ගේ ආය‍ත‍නයේ සිටි 'කෙලින්' මිනිසුන්ට ඇගෙන් අනන්තවත් කුරිරු වදන් එල්ල විය.

'වැඩක් නෑ කෙලින් ගියාට... වැඩ සේරම ඇදේටනේ යන්නේ.' 

'යුන්ජී!!! ඔයා නිසා මට මගේ කම්පැනි එකත් නැති වෙනවා දැන්!' යුන්ජේ දිනයක පැවසුවේ මිනිසෙකුට යුන්ජී කුරිරු වදන් කිහිපයකින් සංග්‍රහ කළ පසුයි.

යුන්ජී දෑස් කරකවා ඔහු දෙස බැලීය. 'මම ඒක ගැල සැලකිලිමත් වෙන්නේ නෑ. කෙලින් ගියත් ඇදේට යන අයට ගරු කරන අය නම් හිටියත් කමක් නෑ. අනික් අය නම් ඕනම නෑ.'

යුන්ජේ තමා අත වූ කෝපි කෝප්පය මේසය මතින් තැබීය. 'හාකෝ...'

'ඒක නෙවෙයි යුන්ගේ... මම කිව්වේ යුන්ජේ...,' යුන්ජී කහිමින් පැවසූ විට යුන්ජේගේ උගුරේ කෝපි සිරවිය. 'මම අද ගායෙල්ව අරන් ගෙදර යන්නද?'

යුන්ජේ තමා එහා පස සිටි ගායෙල්ගේ වැලමිටට තට්ටුවක් දැමීය. 'ඔයා යුන්ජි එක්ක යනවද ගායෙල්?' 

ගායෙල් හිස ඔසවා බැලීය. 'එතකොට කම්පැනි...'

'කම්පැනියේ වැඩ අර කෙලින් මිනිස්සු කරයි. මෙන්න මෙහෙ එන්න පණ්ඩිත කතා නොකර.' යුන්ජි තමාගේ පුටුවෙන් නැගිට ගායෙල්ගේ අතකින් ඇද්දාය.

ගායෙල් තමාගේ ආයතනයේ හිමිකරු දෙසට බැල්මක් හෙළූ විට ඔහු සිනාසී යන ලෙසට ඇයට හිසින් සන් කළේය.

'මමත් තව ටිකකින් ගෙදර එනවා. ඒක නිසා ඔය දෙන්නා ගිහින්... පොඩ්ඩක් තනියම ඉන්න.' යුන්ජේ පොඩ්ඩක් යන වදන ඉස්මතු කර පැවසීය. 'හැබැයි පොඩ්ඩයි.'

'ඇයි තනියම කියන එක හයිලයිට් කරන්න බැරිද?' යුන්ජි කෑ ගසා විමසුවේ දොරින් පිටව යන අතරේය. 

යුන්ජි තමාගේ වාහනයේ ඉදිරිපස අසුනට ගායෙල්ව නංවා රියදුරු අසුනින් ඇය හිඳ ගත්තාය. තමාගේ අව් කණ්ණාඩිය දෑස් මතින් පැළඳගත් ඈ ගායෙල් දෙස බැලීය. 

'බෙල්ට් එක දාගන්න. අපි පියාඹලා ගෙදරට යන්නයි යන්නේ.'

ගායෙල් හිස පසුපසට කර දෑස් පියා කරගත්තාය. 

𝙷𝙰𝙻𝙲𝚈𝙾𝙽 -  𝚢𝚘𝚘𝚗𝚖𝚒𝚗 | 𝙱𝙻 + 𝙶𝙻Where stories live. Discover now