05

1.1K 237 2
                                    

ඒ කොල්ලා කොන්ඩෙ කොටටම කපලයි හිටියේ...... හම දිලිසෙන්නෙ හරියට සෑහෙන්න සාත්තු සප්පායම් කරනව වගේ......

තව ටිකක් වෙලා ඒ දිහා බලං ඉන්න ඕන උනත් වයිට් කලර් ෆ්රොක් එකක් අරං ජංකුක් ගෙ පැත්ත හැරුන ඒ කොල්ලා තමන් දිහා කන්න වගේ බලං ඉන්න ජංකුක් ව දැක්කා..

ඒ ඇස් තත්පර ගානකට එකිනෙක හම්බ වෙනකොට ජංකුක් ඉක්මනට අහක බලාගත්තෙ තමන් ගැනම ඇති වෙච්ච ලැජ්ජාවට.

ඒ එක්කම ජංකුක් ගෙ ඔම්මා පිටිපස්ස හැරිලා බැලුවා..

ආ... පුතා... එන්න එන්න............. මේ බලන්නකෝ...... මේ ෆ්රොක් එක

ජංකුක් හිමීට ඇවිදගෙන එතනට ගියා. ඇදුම් පෙන්න පෙන්න හිටපු පිරිමි ලමයා බිම බලාගෙන හිටියා හරියට ජංකුක් දිහා බලන්න ලැජ්ජයි වගේ..

ඔම්මා ගාවට ගිය ජංකුක් හිමීට ඔලුව උස්සලා බැලුවෙ ඒ කොල්ලා දිහා...
එතනින් එහාට ඒ කොල්ලා හයියෙන් හිනා වෙවී කතා කලේ නෑ...  කොටින්ම කනට ඇහෙන්නවත් කතා කලේ නෑ... සෑහේන්න ඩෙසර්ස් බලපු නූවීයි ඔම්මායි ඩිසයින් එකක් තොර ගෙන එතනින් යන්න ලෑස්ති උනා.

.
.
.
.
.
.

ඒනං ටෙයොංග් පුතා...... අපි ගිහින් එන්නම්....

ජංකුක් ගෙ ඔම්මා ඒම කියනකොට, තමන්ගෙ ඉස්සරහ ඉන්න පිරිමි ළමයා ගෙ ඇඟ පුරාම ඇස් යවමින් හිටිය ජංකුක් ඉක්මනට ඔලුව උස්සලා ඒ ඇස් දිහා බැලුවා..

ඔව්... ඒ ඇසුත් ජංකුක් දිහා බලාගෙන..

ජංකුක් එතනින් ගියා. ඒත් වචනයක් ඔලුව පුරාම පුරවගෙන කවදාවත් නැති සතුටකින්....

ටෙයොංග්........ ලස්සනයි.......

.
.

.
.

💒

Wedding Day [ TK]Short Story ✅ Where stories live. Discover now