...... මම.....

269 65 105
                                    

අහ්ම්..අහ්ම්... ...

මන් මක්කටද දැන් මේ ආවෙ...

අහ්ම්.. මන් ගැන කියන්න නෙහ්..හොදායි..හොදායී.. ඕන්න කියනවා...

මන් දන්නවා දැන් හැපිනස් කතාව කියෝලා ආපු ඔයාලට හිතෙනවා ඇති ඒ කතාව ලිව්වෙත් මමද කියලා..ඔව්.. වාසනාවකට හෝ අවාසනාවකට මට ඔය ජාති දෙකෙන්ම කතා ලියන්න පුලුවන්..ඉතින් කොමඩි කතා කියවන්න ආස අයට තමා ෂයිනි කතාව ලිව්වේ..හීහී...

──────────────────────────

හරි දැන් වැඩේට බහිමු...

නම....

මගෙ නම ලිලී.. නිකන් ලිලී නෙවෙයි වයිට් ලිලී.. මන් මලක් හරිත... ම්ම්ම්..අක්කලා නම් ලිලී නන්ගා..නගෝ.. නන්ගි බබෝ.. කියනවා.. නංගි බබලා නම් අක්කා බබෝ..ලිලී අක්කේ... අක්කේ.. කියනවා.. ම්ම්.. තව යාලුවො අඩෝ..මචන්..යකෝ..කියලත් කියනවා.. ෆිට් එකේ උපරිමේටම ගියපු අය බල්ලෝ කියලත් කියනවා..අශරනයි මන්.. ඔය ඕන එකක් ඉතින්..ගොඩක් අය කියන්නෙ ලිලී කියලා.

ඉන්නෙ කොහෙද..

මන් ඉන්නෙ පොතක් ඇතුලෙ. හිකිස්.. මාගේ ඇත්ත නම් ගම් දන්න ඈයෝ ශටප් යුවර් මවුත් බෝක්කු කට හොදේ..

ස්කෝලෙ ...

කොස් කොල පොතක් අරන් මන් යන්නෙ ස්කෝලෙ.. හිකිස්.. ස්කෝලයක් නෑ මෙමට.. ඔයැයිලා දන්න ස්කෝලයක්..

හැඩහුරු කම්

මන් ඇවිල්ලා ටිකක් කෙට්ටු ඩයල් එකක්..ගොඩක්ම කෙට්ටු නෑ.. චුට්ටක් කෙට්ටුයි..ඔය බෝල වගේ අය වගේද මගෙ මේ සිහින් සිරුර..හුම්. මන් සුදුත් නැති කලුත් නැති ජීවියෙක්.. කට්ටිය කිව්වට මන් සුදුයි කියලා. නෑ මන් සුදු නෑ..හුම්..කොන්ඩෙ නම් ටිකක් දිගයි.. හුහ්.. ඕක පීරන එක තරම් එපා කරපු දෙයක් තවත් නෑ.. කොන්ඩෙ ක්‍රේල් නෑ.. ඒක ස්ට්‍රේට්.. අග ටික ක්‍රේල් සුට්ටක්.. කොයි කොහොම උනත් මන් ඔලුව පීරන්න කම්මැලී..හැමදාම වගේ නෑවත්..ඔලුව නම් පීරන්නෙ දවසට එක පාරක් වගේ.. සමහර දාසට ඒකත් නෑ..

හැසිරීම...

ම්ම්ම්..මන් කටකාරයිලු..යාලුවො ගොඩක් ඉන්නවා..ඉක්මනට යාලුවො හදාගන්න පුලාන්.. මන් අහිංසක දැරිවියක්..හුම්.. එන්න එපා එක එක ඒවා කියාගෙන. නපුරුයි කියල හිතන් හිටියත් කාට හරි බැන්නත් බැනපු එකාට කලින් මන් අඩනවා.. ඕනවට වඩා හිතන කෙනෙක්..ආයෙ ඉතින්..ඒක හොදටම දන්න අයත් ඉන්නවා.. ම්ම්ම්.තව.. ආ..ටිකක් දරුනු වෙන වෙලාවලුත් තියෙනවා. එක පාරක්..ම්ම්.. එතකොට පහේ විතර ඇති.. එක පිරිමි ලමයෙක් හිටියා මට එක එක ඒවා කියන.. එපා කිව්වට අහන්නෙම නෑ.. බැරිම තැන මන් ඒකට ගැහුවා..තරහ නිවෙනකම්ම..පස්සෙ ඒ ලමයගෙ අම්මා අපෙ තාත්තට කියලා තිබ්බා මාව හරියට හදාගන්න කියල..හිකිස්..

මන් මට ආදරේ අයට ගොඩක් ආදරෙයි.. එයාලට පුන්චි කරදරයක්වත් වෙනව දකින්න කොහොමවත් කැමති නෑ.. එයාලව රිද්දන අයට මගෙන් සමාවකුත් නෑ.. මට සාමාන්‍යයෙන් ලේසියෙන් මනුස්සයෙක්ව එපා වෙන්නෙ නෑ..එපා උනොත් ආයි කවදාවත් කතාකරන්නෙත් නෑ.. .. ඕවා තමා...

ආසම නැති දේ...

බොරුව.. මන් බොරුවට ආසම නෑ..මට බොරු කරන අයට මගෙන් සමාවකුත් නෑ.. 

ආසම දේ...

මන් ආසම දේ නිහතමානීකම..අපි හැමෝම මනුස්සයොනෙ. ඉතින් තව කෙනෙක් එක්ක හිනා වෙලා සතුටින් කතා කරන්න හැකියාව තියෙන්න ඕන.

පවුලෙ අය...

මමයි අම්මයි තාත්තයි මල්ලියි ඉන්නෙ ආච්චි අම්මයි ඉන්නෙ.. හරිම සතුටින් ඉන්නවා..

වෙනත්...

මන් සින්දු කියන්න ආසයි.. ඒවගේම තමයි චිත්‍ර අදින්නත් ආසයි..... සමහර අය නම් මන් ඇදපු චිත්‍ර දැකලත් ඇති..

ඇත්තටම මට කතාවක් ලියන්න ගොඩක් වෙලාවක් යනවා .... පොතක ලියලා තමයි ඒක බලාගෙන මන් ටයිප් කරන්නෙ.. මට ෆෝන් එකෙන් එකපාර ටයිප් කරද්දි අදහස් එන්නැති ගතියක් තියෙනවා.. ඒවගේම තමයි ඒක ලියද්දි මන් තනිකරම ඉන්නෙ ඒ චරිතෙ අස්සෙ..කතාව ලියල ඉවර වෙනකම්ම..කන්නෙ බොන්නෙ කතා කරන්නෙ ඒ විදිහට..මල වදයක් ... ඒකයි මන් දිග කතා ලියන්න ආස නැත්තෙ.. මොකද මට වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ... පාඩම් කරන්න ගත්තත් ඒක තමා ඔලුවෙ තීන්නෙ..

ඔය කතාවල සීරියස් තැන් වලදි මන් අඩ අඩ තමා කතාව ලියන්නෙ.. එච්චරටම ඒ චරිතෙට සමවැදිලා..හිකිස්...

මට පිස්සු කියලත් හිතෙනව ඇති ඔයාලට..

ඕවා තමා මගෙ විස්තර...

මේ විදිහට මාව හදුන්වල දෙන්න හිතුවෙ ෂයිනි කතාව ලියන මන් ගැන ඔයාලා නොදන්න නිසා..ඉතින් කියන්න පුලුවන් සේරම ටික කිව්වා...

ඊලග චැප්ටර් එකේ ඉදන් ෂයිනිගෙ මලසමයක් වැඩ ටිකක් අරන් එන්නම්. මේ දවස්වල සීරියස් වෙලා ඉන්නෙ.හුම්..ඒ හින්දා ෂයිනි කතාවට අදහස් එන්නෙ නෑ..

ආපු ගමන් දාන්නම්..

හිකි හිකි...

ඒනම් මන් යනෝ..

ටටා බායී..

ආලායූ හාට්ටුව පැලෙන්න......

❤️❤️❤️❤️❤️







🍃 sʜɪɴʏ ᴘᴀʀᴛ ||2Where stories live. Discover now