.....බලු නාඩගම 1 කොටස.......

331 51 107
                                    

අහ්ම්.. අහ්ම්ම්.. මේක ෂයිනියා ජිමින්ව දකින්නත් කලින් ඒ කියන්නෙ ජොබ් එකට යන්නත් කලින් වෙච්ච සීන් එකක්...

අද නම් කමෙන්ට් ගොඩක් ඕන හොදේ.. ඔය හොරෙන්ම යන අයටත් එක්ක කියන්නෙ ඉතින්...
මන් පව්නේ........ ❤️

───────────────────────

" ඔයාට මාව එපා නම්..
කලින් කියන්නට තිබුනා...
එහෙනම් ඉතින් මන්..
වෙන කෙල්ලෙක් හොයා ගන්නට තිබුනා...

අන්න යකෝ අර සාන්තයා..
හූ හූ...
සන්ද්‍යාවෙ විනෝදේ වල කපතේ...
හා..හා.. වල කපතේ.... "

යාහ්... මොන හරකෙක්ද යකෝ මේ වලලන්නේ.. නිදාගන්න දීපියකෝ... වල කපනව නම් කපන්න කියාම්කෝ.. මට මක්කද කරන්න කියන්නේ.. එක ඇහැක් ඇරලා බැලුවා..බඩ අස්සෙන් සද්දෙ එන්නෙ.. අඩෝ... වල කපන්නෙ මගෙ බඩේද.. මන් දඩ බඩ ගාලා නැගිට්ටා..

" දඩාස්.... "

ඔව් ඔව්.. පොලේ ගැහුවා.. I am සෙත්තපෝච්චි.. අර ලදරමට කෝල් එකක්.. මේ ගිනි පාන්දර මොන වදකාරයෙක්ද...

හරිනෙ.. මට හිතුනා..හනා.. ඕකි තමා මගෙ කරුමෙ.. අතට ගත්තු ෆෝන් කට්ට පොලේ ගහන්න හිතුනත් මන් කෝල් එක ආන්ස්වර් කලේ අද නම් ඕකිට සිංහල හෝඩියම කියලා දෙනවා කියලා හිතාගෙන..

" මොකද යකෝ.... "

මන් කෑගහගෙන කියා කියලද හිතුවෙ.. නෑ.. නෑ.. ඒ යකින්න තමා කෑගහන්නෙ..

" එකපාර ආන්ස්වර් කරන්න බැරි නම් ඔය ලදරම කුඩු කරලා දාපිය.."

ඔය ඉතින්..ඕන්න පටන් ගත්තා..

" කියන එකක් කියහන්කෝ වද නොදී.. "

මන් කිව්වෙ කට පුරෝලා ඈනුමක් අරින ගමන්.

" මෙහ්.. අද හවසට මට අර රුපියල් සීය ඕන හුදේ... අර එදා මගෙන් ඉල්ල ගත්තෙ..නෑ එක්කො.. අයිස් ක්‍රීමක් අරන් දෙනෝනම් අමතක කරලා දාන්නම්.. "

හී.. හී.. හරි වාසනාවන්තයි මන්.. මේ වගේ ලෝභ මසුරු සිටානෝ වගේ පාප මිත්තරෙක් ලබන්න.. යකෝ .. මේ රුපියල් සීයටද මගෙ නින්ද කෑවේ.. බල්ලා...

මන් කෝල් එක කට් කරලා ෆෝන් එක ඕෆ් කරලා දැම්මෙ ඒ වහන්තරේගෙන් පලි ගන්න. හහ්.. දන්නෑ මගෙ හැටි..දැන් කොහේ නිදාගන්නද ආයි.. කරුමෙට මට නැගිට්ටට පස්සෙ ආයි නින්ද යන්නෙ නෑ.. හුහ්..

Hai finito le parti pubblicate.

⏰ Ultimo aggiornamento: Jan 01, 2022 ⏰

Aggiungi questa storia alla tua Biblioteca per ricevere una notifica quando verrà pubblicata la prossima parte!

🍃 sʜɪɴʏ ᴘᴀʀᴛ ||2Dove le storie prendono vita. Scoprilo ora