_02_

801 147 21
                                    

------------------------
කොරෝනා වලට මම වෛර කරනවා....ලෝකෙම මිනිස්සු දහස් ගානක් හිතක් පපුවක් නැතිව මරලා දැම්මට විතරක්ම නෙමෙයි...ඔයාව මගෙන් දවස් හාරසිය විස්සයි පැය නවයයි විනාඩි විස්සක් ඈත් කරලා තිබ්බට....

ඔයාව බලන්න අවුරුද්දකටත් වැඩියෙන් වේටින් රූම් ඉන්න උනාට...

ඒක දවසක් ඔන්ලයින් කෙම් ක්ලාස් එකේදි මගෙ අතින් වැරදිලා මයික් එක ඔන් උන වෙලාවෙ...ඒක නොදැන මම මහ හයියෙන් Let Me Down Slowly අහපු වෙලාවෙ...නවිදු සර් මාව මීටින් එකෙන් ලීව් කරලා වේටින් රූම් දාපු එකට වඩා ගොඩක් දරුණුයි කියලා ඔයා දන්නවද?

ඒත් සර් දැනන් ඉදියෙ නෑනෙ...ඒ වෙලේ මගේ බෙඩ් එකේ සුදු පාට ෂීට් එකේ භාගයක්ම රතු පාට වෙලා  තිබිච්ච බවක්...නදුන් සර් දන්නෑනෙ ඒ වේදනාව යවාගන්න ක්ලාස් එක අස්සෙම සින්දුවක් ඇහුවෙ ඒ හින්දා කියලා...

මමයි මගෙ රූම් එකයි ඇරෙන්න කවුරුත්ම දන්නෙ නෑ....

එදා එයා හිනා උනා...මම දැක්කනෙ...ඒක මහ සමච්චල් හිනාවක්...හරියට ඔයා එයාට ආදරෙයි කියලා මුලු පන්තියක් ඉස්සරහම කියපු වෙලාවෙ එයා මගේ දිහා බලලා දාපු හිනාවට පොඩ්ඩක්වත් වෙනසක් නෑ...

ඔයත් එවෙලෙ හිනා වෙන්න ඇති නේද?...මං ඔයාව දැක්කෙ නෑ...ඇයි ඔයා ඔන්ලයින් ක්ලාස් එකේදි එකපාරක් වත් වීඩියෝ ඔන් නොකලෙ...එහෙනං මම එහෙම හරි ඔයාව දකිනවනෙ...

ඒ දේවල් හිත හිත මම කොරිඩෝ එකේ අන්තිම ක්ලාස් එක වෙනකන්ම ඇවිත් තිබුනා...

මේ රටේ නම කිය පාසලක් නිසාමද කොහෙද අපේ ක්ලාස් එකට හොද සැප පහසු කම් තිබුනා....

අඩවල් කරලා තිබුන දොර අගුලට අත තියාගෙන මම දෙගිඩියාවෙන්ම විනාඩියක් විතර ඉන්න ඇති..නෑ ඊටත් වඩා....

ඇත්තටම මම දැං දොර අරින්නද....ඒත් මට බයයි...අවුරුද්දකින් නොදැකපු ඔයාව මට දකින්න ඕනෙ....

ඒත් එදා වගේ ඔයා මේ කාමරේ ඇතුලෙ ඉදියොත් කියලා මට බයයි....අදත් එයාගෙ අත් ඔයාගෙ ගානට කපපු කොණ්ඩෙ අස්සෙන් යන ගමන්ද?..ඔයාගෙ අත් එයාගෙ ඉන වටේ එතිලද?...එතකොට ඔයාගෙ දුඹුරු පාට තොල්?....

අනේ අද නං ඒවගේ දෙයක් මට පෙන්නන්න එපා...මම ඔයාව ගොඩ කාලෙකින්නෙ මේ දකින්න යන්නේ...

මම දන්නවා ඔයා ඇවිල්ලා ඉන්නේ...ඔයා හැමදාම උදේ 6.30 වෙද්දි ඇවිත් ඉන්නවනෙ...
ඉස්සරනං ඒ ආවෙ මම එනකන් බලං ඉන්න නේද?....

හයයි හතළිහ වෙද්දි පහළ පඩිපෙළ ගාවට මම එද්දි Chew-in-gum එකකුත් හපන ගමන් කොරිඩෝවෙ ඉදන් මට සැලියුට් එකක් දාන මගේ ඔයාව මට ආයිත් දකින ඕනෙ...

ඔයා තාමත් 6.30 වෙද්දි එනවා නේද?...දන්නවද..මමත් එහෙමයි...

ඒත් ඔයා එන්නෙ මාව බලන්න නෙවෙයි..එයාව බලන්න....

ඒත් මට....තාමත් ඉබේම ඔයා ඉස්සර ඉදපු තැන දිහා බැලෙනවා...

දන්නවද ඒ ඔයාව බලාපොරොත්තුවෙන්

---------------*මතක*--------------------------

"ඇයි පරක්කු"

"ඔයා එනකන් ගේට් එක ගාව ඉදියා"

"අයියෝ"

"ඇයි"

"මම අද ඉක්මනින් ආවා"

"ඇයි ඒ"

"නිකමට...මම ඔයා එනකන් බලං ඉදියා උඩට වෙලා..."

------------------------------------------
Could you find a let me down slowly?
A little sympathy,I hope you can show me
If you wanna go then I'll be so lonly
If you're leaving baby let me down slowly
Let me down,down
Let me down,down
Let me diwn,down
Down,let me diwn,down
Let me diwn
If you wanna go then I'll be so lonly
If you're leaving baby let me down slowly

[Abandoned_Hands]Where stories live. Discover now