HAPPY 1ST YEAR ANNIVERSARY

84 20 391
                                    

2022.02.10

හේ හේ මගේ soleils පැටව්නේ...හී හී...

සමහරුනම් දැන්ටමත් දන්නෝනේ ඇයි මේ කියලා...නොදන්න අයට කියන්නම් මම...

අද ඒ කියන්නේ 02.10 වෙනිදාට මම මේ wattpad එකට රිංගලා අවුරුද්දක්...(ඕතර් කෙනෙක් වෙලානම් අවුරුද්දක් නෙමෙයි...) හරියටම 2021.02.10 මම මේකට රිංගන්නේ ඕතර් කෙනෙක් වෙනවා කියන දේ තුන් හිතකවත් තියාගෙනනම් නෙමෙයි...නිකන් පොතක් කියවලා පාඩුවේ ඉන්න හිතාගෙන...

මට මේ ඇප් එක ලැබුන හැටි කිව්වොත්...(ඒක චුට්ටක් දිග වෙයි ගනන් ගම්න එම්පා...හරිතේ...)

මට 2021 ජනවාරි මාසේ අග වගේ tik tok එකේ bts ff එකක් හම්බ වෙනවා...ඉතින් මම ඒක කියවනවා...ඒකේ ඒ කතාව දාන කෙනා දාලා තියෙන අන්තිම වීඩියෝ එක වෙනකන්ම මම ඒක කියෙව්වා...ඊට පස්සේ මම බලන් හිටියා ඒ කතාව දාන කෙනා කතාවේ ඉළග වීඩියෝ එක දායි කියලා...දවස් තුනක් වගේ කාලයක් මම බලන් හිටියා..ඇත්තටම මට ඉවසීම කියන දේ බිංදුවයි...ඉතින් ඔය හේතුවෙන් මගෙත් ඉවසීම පැන්නා...ඒ නිසා මම google එකේ sinhala ff කියලා search කරාම මට හම්බ උනා ඇප් එකක්...ඒ ඇප් එක wattpad කියන නමෙන් තිබ්බේ...ඒත් මම ඇප් එක download කරගත්තේ නෑ...මොකද ඒ දවස් වල මගේ phone එකේ storage full...full කියන්නේ ෆුලේ ෆුල්...(දන්නෝනේ ඉචිම් army ලාගේ phones වල storage ගැන...හිම්කි හිම්කි...)

මම මුලින්ම google එකෙන් ගිහින් බැලුවා මොකක්ද මේ කියලා...එහෙම බලද්දී මට හම්බ උනේ wattpad #sinhala tag එකේ trending list එක...අද වගේ මතකයි ඒකේ මුලම තිබ්බේ hashiii18 අක්කාගේ LUCKY ARMY GIRL PT.1 story එක...ඒ උනාට මම ඒක කියවන්න ගියේ නෑ...මොකද මගේ මූලික අරමුණ අර tik tok එකෙන් කියවපු කතාව හොයාගන්න එකනේ...මම හෙව්වා...ඒ වගේම මට හම්බ උනා...ඒක තමයි මම wattpad ඇප් එක දාගන්න කලින් wattpad web එකෙන් ගිහින් කියවපු පළවෙනි කතාව...Daniadj0 අක්කාගේ It's Me, Not He story එක...

Daniadj0 අක්කාගේ It's Me, Not He story එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Apr 09, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

~♡︎𖣔 ՏᎪΝᏆᏀᏆᎡᏞ ᏔᏆͲᎻ ᎻᎬᎡ ՏϴᏞᎬᏆᏞՏ 𖣔♡︎~ [ᴀɴɴᴏᴜᴄᴇᴍᴇɴᴛ ʙᴏᴏᴋ]Where stories live. Discover now