ජීවිතේ පුරාම දැනුන හිස් තැනක්, කාලයක් ගත් වුණත් කිසි කෙනෙක්ට පුරවන්න බැරි වුන හිඩැසක්, හිමින් හිමින් හිතට ළං වුන ඔයා පුරවපු විදිහ ගැන මට හරි පුදුමයි. හැංගිලා ඉන්න පුරුදු වුන මම කිසිම බලකිරීමක් නැතුවම ඔයාට විවෘත වුන විදිහ පුදුමයක් නෙමෙයිද ? මටම පුදුමයක් ඒක නම්...
බය වුනා තමයි මම, පුංචි ඈත් වීමකිනුත් හිත් රිදෙන තරමට ළං වෙනකොට. කොහෙ ඉන්නවද කියලා නොදැන විසි හතර පැයක්වත් ඉන්න බැරි බව වැටහෙනකොට ඔයා හිතට ළං වෙලා ඉවරයි. ඔව් අපි ළං වුනෙ හිතින්, අතින් අල්ලන්න බැරි දුරක ඉඳන්.
මගෙ හිතට නම් මේ නමක් නැති, මටත් සීමාවක් නොදැනෙන හැඟීමක්. ඇත්තටම මට දෙන්න නමක් නෑ. ඔයා දන්නවා නම් නමක් දෙන්න. මම බලන් ඉන්නවම් නමක් හොයාගෙන එනකම්.
කවදාවත් උවමනා නොවුනු විදිහට ඔයා ළඟින් ඉන්න ඕනෙ වෙනකොට, ඔයාව ශක්තිමත් කරන්න ඕනෙ වෙන වෙලාවට, වචනවලින් විතරක් ඔයාගෙ හිතට කතා කරන්න වෙනකොට මම අසරණයි. මට ඕනෙ ඔයාගෙ ළඟට එන්න. ඇවිත් කියන හැමදේම අහන් ඉන්න. ඔයාට සැනසීමක් දැනෙන දෙයක් කරන්න. බලන් ඉන්නම් කවදා හරි දෛවය කියන් දේ ඉඩක් දෙයිද කියලා, ඔයාගෙ ළඟට වෙලා හිතට සැනසීමක් දෙන්න පුලුවන් කෙනෙක් වෙන්න.
2022.01.26
YOU ARE READING
Still With Me
Non-FictionI can see your eyes I can hear your voice You're still with me... Started Date - 2022.01.26