#2

13 2 0
                                    

මගෙ ජීවිතේට උවමනා නොවුන ම දෙයක් තමයි බැඳීම්...

ඒත් ඔයා තව එක බැඳීමක් විතරක් ම නොවෙනකොට, කවදාක හරි මට මඟ හැරුණු මගේම කොටසක් වගේ දැනෙනකොට මොහොතකට වත් ඔයාව නුවමනා කෙනෙක් වුනේ නෑ. ඔයාව ඕනෙ වුනා, තවමත් ඕනෙ.

ආත්මගත සහෝදරියක් වගේ, ආත්මගත මිතුරියක් වගේ...... ඔව් ඉතින්...  මම සසඳනවා තමයි මේ, නොකළ යුතුත් එයම බව දැන දැනම... මම දන්න එකම දේ මේ බැඳීම ආත්මගතයි කියන එක...

මට හිතෙන හැම දේම ඔයා ළඟ වචන කරන්න මම එකම එක මොහොතකටවත් පැකිලෙනනෙ නෑ කියලා ඔයා දන්නවා. සමහර විට මම කියන දේවල් ඔයාට කොහොම දැනෙනවා ඇතිද කියලත් නොහිතෙනවා නෙමෙයි.  ඒත් මම දන්නවා ඔයා මාව දන්නවා කියලා. කාටත් වඩා තේරුම් ගන්නවා කියලා.

ඔයා ළඟට වෙලා ඉන්න ඕනෙ මට. ඔයාව තනි කරන්නෙ නැතුව ඉන්න ඕනෙ. මේ හැම දේටම වඩා ඔයා සැනසීමෙන් ඉන්නවා දකින්න ඕනෙ.

2022.01.31

Still With MeWhere stories live. Discover now