7. මෝඩ හාවා

1.2K 259 108
                                    


බෝනස්...

අවට නිසොල්මනේ පවතින්නේ දැනට විනාඩි කිහිපයකට පෙර වෙඩි වරුසාවක් ඇද හැලුනාදැයි කියාවත් සිතිය නොහැකි ආකාරයටයි..  සීන්වත් ලංකොට ගෙන යීබෝ ඉන්නේ බිමින් ඇලවී ගෙනයි.. යීබෝගේ අතක් උඩ සීන් හිස තබා සිටී.. යීබෝ සීන්ව තමා වෙතට හරවාගෙන ඒ මුහුණ දෙසම බලා විටෙක ඒ ඇහිබැමි උඩ තවත් විටක කම්මුල් දිගේ මෙන්ම තවත් විටෙක තොල් මතද ඔහුගේ ඇගිල්ලක් ගෙන යයි...

🐰 ම්..ම්...

සීන් අවදි වේ... පෙර වතුර ගැසුවත් සීන් අවදී වී ආයේ දෑස් පියා ගත් නිසා යීබෝ සීන්ට මදක් හිත සැහැල්ලු වන්නට දී බලා සිටින්නට විය..

🦁 චූටික්කෝ... පොඩ්ඩෝ...

🐰 ම්ම්...

🦁 දැන් කොහොමද... බලන්නකෝ දැන් කිසිම සද්දයක් නෑ... දැන් බය වෙන්න දෙයක් නෑ....

සීන් බිම දිගේ ඇතිල්ලීගෙනම යීබෝගේ පපුව මතින් හිස තියාගත්තේය...

🦁 බය වෙන්න එපා...දැන් ඔක්කොම හරි.. 

🐰 ම්ම්ම්...

🦁 කෝ ඉතින් මූණ උස්සන්නකෝ... කියපු කතා ගොඩට මට මේ මහත්තයට දඩුවම් දෙන්නත් තියෙනවා...

🐰 ම්ම්..ඉහික්... ම්....

🦁 අයියෝ අඩනවා ඉතින්.. යකඩෝ කෙල්ලෝ වත් මෙහෙම අඩන්නෑ... යන් චූ දාන්න... දැන් ගොඩාක් වෙලානේ ඕක හිර කරන්....

යීබෝ සීන්ව ඔසවා ගත්තත් සීන් නම් වචනයක් වත් කතා කරේ නෑ...ඒ බෙල්ලටම මූණ තියන් උන්නේ බයට වගේම දුකට... යීබෝ සීන්ව තියලා ගිහින් වේලුනු ඇදුම් අරන් එද්දි සීන් ඉන්නවා ගලක් උඩට වෙලා බිම බලන්....

🦁 පොඩ්ඩෝ අපි නාමූ...

🐰 ම්ම්...

🦁 ඔහොම ඉන්න සබන් අරන් එන්නම්...

🐰 ම්ම්...

යීබෝ දුවගෙන ගිහින් ආයෙමත් එද්දිත් කොල්ලා වෙනසක් නෑ ඒ විදියටම ඉන්නවා... මොකක් හරි දෙයක් නිසා කොල්ලා දුකින් කියලා නම් යීබෝට පැහැදිලියි...

🦁 පොඩ්ඩෝ ඇයි මේ....

යීබෝ සීන්ගේ මුහුණ උස්සලා ඒ ඇස්  දිහාම බලන් ඇහුවත් සීන් මුකුත්ම කිව්වේ නෑ..  ඒ වෙනුවට කදුළු ගොඩාක් තමයි ගලන් ගියේ...

Always Mine✔️✔️ (SEASON 1 & 2) Where stories live. Discover now