වේදනාව 😓

715 193 84
                                    

Crazy in love 🌹.......
.
.
.
.
.
එක් වරම සිදුවූ සිදුවීම තේරුම් ගැනීමට උත්සාහයක නිරත වූ Yibo පියවි සිහිය ලැබුවේ හිමබෝලෙගෙ ශක්තිමත් දෑත් තදින්ම ඔහුව වැළඳගත් නිසා.....ඒත් එක්කම මෙතෙක් වෙලා නිදහස්ව අත් තියාගෙන හිටපු Yiboද පෙරලා ඔහුව වැලදගත්තෙ අවට සිටි පිරිස පුදුමයට පත් කරමින්....

තම ආයතන ප්‍රධානියාගේ මෙවන් හැසිරීමක් කිසිදාක දැක නොතිබූ Secretary Kimද වික්ෂිප්තව බලා සිටියේ ඔහුගේ ඊළග පියවර දැනගැනීමේ කුතුහලයෙන්......අන්ද මන්ද වී සිටි Secretary Kim නැවතත් ගැස්සිලා ගියේ තම ප්‍රධනියගේ හඩ නිසා......

" Secretary Kim ...ඉක්මනට ගිහින් මගේ cabin එක lock කරල යතුර අරන් එන්න......"

"හ්....හරි සර්....."

බිය සහ පුදුමය අතර අතරමං වෙමින් secretary Kim ඉක්මනින්ම Yiboගෙ cabin එක දෙසට දිව යන්නට වුණා....ඔහුගේ මනෝභාවය කෙසේද යත් අතරමගදී අනෙක් සේවක සේවිකාවන්ගේ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දීමට වත් ඔහුට සිහියක් තිබුණේ නැහැ......

මේ අතර හිමබෝලෙව එක් වරකට හෝ බිමින් නොතැබූ Yibo Security Guarsලා කිහිප දෙනෙකුට කතා කළා.....

"මෙතන interview ආව අයව ඇතුලට යවන්න....හරියටම 10 වෙද්දි interview පටන් ගන්නවා කියන්න......"

"හොදයි සර්......"

Yiboගෙ අණ පරිදි Interview ආව සියලු දෙනාව ඇතුලට පිටත් කෙරුණා.....ඔවුන් දෙස එකදු බැල්මක් හෝ නොහෙලූ Yibo හිමබෝලෙව ඒ විදියටම තියාගෙන තම අති සුඛෝපභෝගී බෙන්ස් රථය ඇති ස්ථානයට ගමන් කළා.....එවිටම Secretary Kim දුවගෙන ඇවිත් Cabin එකේ යතුර Yiboට භාරදුන්නා....

"තව ටිකකින් Rashel Madum මගේ cabin එකට එයි.....එයාට interview එක කරගෙන යන්න support කරන්න ...."

එපමණක් Secretary Kimට පවසා ප්‍රවේශමෙන් හිමබෝලෙත් සමග Yibo වාහනයට නැගගත්තෙ ඒ වනවිටත් හිමබෝලෙ සුව නින්දක පසු වූ නිසා....වාහනයට නැගගත් Yibo මොහොතකට හෝ හිමබෝලෙව ඈත් නොකරම තම පෞද්ගලික රියදුරු වූ Lele හට වාහනය පණ ගන්වන ලෙස දැනුම් දුන්නා.....

අන් අය මෙන්ම Leleද තම ස්වාමියාගේ හැසිරීමෙන් පුදුමයට පත් වූවත් කිසිවක් නොවිමසාම ඔහුගේ උපදෙස් පරිදි වාහනය Wang House වෙත ධාවනය කරන්නට වුණා.....
.
.
.
"හෙලෝ බබා මම දැන් ගෙදර එනවා .....ඔයා ලෑස්තිවෙලා ඉන්න...මම ගෙදර ආව ගමන් office එකට ගිහින් අද වැඩ ටික බලාගන්න......"

අනෙක් පසින් පිළිතුරක් ලැබෙන්නට පෙරම දුරකථනය විසන්ධි කර අසුන මතට දැමූ Yibo තම උකුල මත හිදගෙන පපුව මත සුව නින්දක සිටින හිමබෝලෙ දිහා ආදරෙන් බලලා ඔලුව අතගෑවා.....ඒ මුලු මුහුණම උමතුවෙන් සිපගන්න යැයි සිත බල කළත් අතීතය මතක් වෙලා එම හැගීම හිත අතුලෙම රදවා ගත් ඔහු ඇසට ඉනූ කඳුළට එහෙමම ගලා යන්න ඉඩ දුන්නා....

"ඔයාට මොකද වුණේ මගෙ හිමබෝලෙ....🥺"

.
.
.
මීළග පිස්සුවෙන් හමුවෙමු  💚❤️

🚫only fan fiction .....Don't Copy🚫

✍️තිසූ.......

Crazy in LoVe 🌹🌹🌹💚❤️(Completed )Where stories live. Discover now