ඕකයි වුණේ 💔

588 183 23
                                    

Crazy in Love 🌹....
.
.
.
.
"ඕක තමයි එදා සිද්ද වුණේ යී පණ......"

"මැණික 😓 ඇයි මට ඔයා මේ කිසි දෙයක් නොකිව්වෙ.....? ඔයාට තිබුණා මට ඒ ගැන කියන්න....."

"කොහේ කියන්නද යී පණ.....මාව හැම පැත්තෙන්ම කොටු කරලයි තිබුණෙ....😭......"

"මට සමාවෙන්න හිමබෝලෙ  😭😭😭......."

"ඔයා වැරදි නෑ යී පණ...."

"ඉතිං එදායින් පස්සෙ මොකද වුණේ මැණික......?"

"එදා ඔයාට එහෙම කියලා මම ගෙදර ගිහින් හොදටම ඇඩුවා...ඔයාට තරම්ම වේදනාවක් මටත් දැණුනා...ඔයාට ඔයාගෙ නංගි හරි හිටියා...ඒත් මට....මට කවුරුවත් හිටියෙ නෑ බෝදි......😭........"

"අනේ මගෙ හිමබෝලෙ  😭....මට සමාවෙන්න  💔😭......."

"අඩන්න එපා යී පණ......මේ ටික කියනකම් ඔයාගෙ ගල් හදවත තියාගන්න......"

"හිමබෝලෙ 🥺......"

"ඊටපස්සෙ ඔයා වගේම මමත් මැරි මැරී තමයි ජීවත් වුණේ.....නංගි ඔයා ළගින්ම ඉන්න එක මට සහනයක් වෙද්දි දුක තනියම හිතේ තියන් මම විදෙව්වා ....Final Exam එක වෙලාවෙ ඔයා මගේ දිහා බලනවා කියලා හොදටම දන්න නිසා මං ඔයාගෙ ඇස් මගඇරියා....මොකද ඔයා ඉස්සරහා මාව පාලනයක් නෑ....අමාරුවෙන් මම එදා දවස ගෙවාගත්තා.....අන්තිමේ මට Yangziව marry කරන්න බල කළා.....

Final Exam එකෙන් පස්සෙ සතියකින් Yangziගෙයි මගෙයි marriage එක තියනවා කියලා කිව්වා.....මම අන්තිමේ plan එකක් ගැහුවා....."

"ඒ මොකක්ද.....?"

"ඔයාට මතකද මගේ Italy වල හිටපු pen friend Yehun....."

"ඔව්..."

"මම marriage එකට කැමති වෙලා ඔයාගෙනුත් අයින් වුණ නිසා තාත්ති මට ආයෙ 4n එක lap එක දුන්නා...ඉතිං මම ඉක්මනටම එයාට call කළාම එයා මට කරන්න ඕන දේ කිව්වා......"

"ඒ කිව්වෙ......?"

" Marriage එක ඉවර වුණ ගමන්ම Italy යන්න......"

"ඈහ්......?"

"ඔව් මම තාත්තිගෙන් Course එකක් කරනවා කියලා Italy යන්න permission ඉල්ලුවා.....Yangziව marry කරලා යන නිසා එයාගෙ අකමැත්තක් තිබුණෙ නෑ...Yangzi  නම් මුලින් උඩ පැන්නා මාත් එක්ක යන්න...ඒත් එයාගෙ තාත්ති නීතිකාරයෙක් නිසා මං ඒ ප්‍රශ්නෙන් ගැලවුණා....Marriage එකෙන් පස්සෙ අවුරුදු 4කට මම Italy ගියා...Course එක ඉවර වෙලා මම China එද්දි අපේ business ඔක්කොම Yangziගෙ තාත්ති යටත් කරගෙන.....මට එයාලා එනකම්ම කිසිදෙයක් කිව්වෙ නෑ......කොහොම හරි මම Yangziව marry කරලා හිටපු නිසා මට එයා එක්ක එක ගෙදරක ඉන්නත් වුණා..හැබැයි කවදාවත්ම එයාට මම ළංවුණේ නෑ....හැමදාමත් එයා උත්සාහ කළත් මම මොකක්ම හරි බොරු හේතුවක් හදාගත්තා.....අන්තිමට business ඔක්කොම කඩා වැටිලා තාත්ති මානසිකව වැටුණා...අන්තිමට අම්මිලා තේරුම් ගත්තා මට කළේ ලොකු වැරැද්දක් කියලා....ඒත් එතකොට පරක්කු වැඩියි අපි උන්ගෙ ඉත්තො වෙලා ඉවරයි........දවසක් අම්මි තාත්ති එක්ක බෙහෙත් ගේන්න යනකොට පාර පනිද්දි ටිපර් එකක හැප්පිලා නැති වුණා....😓......මේ සිද්ධියෙන් මම ගොඩාක් මානසිකව වැටුණා....

මම Course එක කරන්න කියලා Italy ගිහින් හැමෝටම හොරෙන් මගේම Business එකක් පටන් අරන් තිබුණෙ.....ඒ අතරෙ මම ඔයා ගැනත් හොයලා බැලුවා හැම වෙලාවෙම...ඔයාගෙ සාර්තකත්වය දැකලා මම හදවතින්ම සතුටු වුණා .....අන්තිමේ අම්මි තාත්තී නැතුව මම නිකමෙක් වෙද්දි මට Yangziලාගෙ පදේට නටන්න වුණා.....ඒත් එයාලා දැනන් හිටියෙ නෑ මට business එකක් තියනවා කියලා...තවදුරටත් එහෙම ඉදලා තේරුමක් නැති නිසා මට ඕන වුණා මුන්ගෙන් ගැලවෙන්න.....සල්ලි වලටත් වඩා Yangzi පිස්සු වැටිලා හිටියෙ මගේ රූපෙට....ඒකයි ඒකි මාව අතෑරියෙ නැත්තෙ අම්මිලා නැති වුණත්.....දවසක් ඒකි ඒකිගෙ සීමාව පනින්න හැදුවා......."

.
.
.
මීළග පිස්සුවෙන් හමුවෙමු 💚❤️ .....

🚫Only Fan Fiction ....🚫Don't copy🚫

✍️තිසූ........

Crazy in LoVe 🌹🌹🌹💚❤️(Completed )Where stories live. Discover now