One

183 42 145
                                    

Nishu - කෙල්ලෙක්ට ආදරේ කරලා මට්ටු උනේ නැද්ද බන්.. ආයෙමත් කෙල්ලෙක්ටම ආදරේ කරන්න දගලන්නෙ...

හැමදාම campus එකේ Intervel එකේදි මීට් වෙන මේ කෙල්ලො දෙන්නා හිටියෙ නම් එකම ෆැකල්ටි එකේ නෙමේ.. ඒත් මේ දෙන්නාගෙ තිබ්බ බැදීමට නමක් ඒ දෙන්නාම මෙච්චර කාලෙකට දීලා නෑ...

Liya - මං දන්නෙ නෑ බන්

Nishu - උබ අහක යන නරිමයි නාවන්නෙ...

(A/N- කාගෙද මන්දා ප්‍රසිද්ද කියමනක් උපුටාගන්න ලදී)

Liya - එහෙම නරි හිටියෙ කිහිප දෙනයි.. විශ්වාසයි දැන් කෙනා එහෙම නෑ...

Nishu - උබ කලින් හිතන් හිටියෙත් එහෙම ලු හැබැයි...

Liya - හ්ම්

Nishu - හැමදාම වගේ අදත් උබේ හ්ම් එක ඇතුලේ ගොඩාක් දේවල් තියනවා කියලා තේරුම් ගන්න පුලුවන් බන්.. ඔය ගන්න තීරණයෙන් අනාගතෙ ලැබෙන සතුට මොකක්ද.. උබට කලින් උන දේම උනොත්?

Liya - වෙයි.. but who cares... Love is like a game.. No.. Love means a game... මේ ලොකේ ඉන්න හැම කෙනාම වගේ කරන්නෙ ආදරේ කරනවා කියලා game එකක් play කරන එක... එහෙම නෙමෙයිද? එහෙම play නොකරා නම් ආදරේ කියන දේ නිසා හිත් කැඩුන අය ගොඩාක් අඩු වෙන්න තිබ්බා...

Nishu - දැන් අරකි මොකෝ?

Liya - මං දන්නවද?

Nishu - ඒ වගේ උන්ගෙන් බලු කතා අහගන්න ඕන එකෙක් නෙමෙයි උබ.. ආය්ව් මොනාහරි කියන් ආවොත් කියපන් හොම්බ රිවට් වෙන්න දෙමු....

Liya - හොම්බ මුලින් හොයන්න වෙයි.. ඒක නෙමේ මට බඩගිනි

Nishu - හම්මට හිගන්නා අවදි වෙලා...

Liya - පල යන්න....

Love || GL || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ☑️Where stories live. Discover now