Chapter 03

511 87 92
                                    

තේහියුන්ග් එක්ක ජන්ග්කුක් ජිමින්වත් එක්කගෙනම ආවේ තේහියුන්ග් රූම් එකට.. රූම් එක දැක්කම ජිමින් ගේ කටත් ඇරුනා.. ඇයි ඉතිම් ඒ විශාල කාමරේටම කියලා තියෙන්නෙ ඇදවල් දෙකයි...

"හරි අපි ඇදක් හොරෙන් ගේනකන් ඔයාට වෙන්නෙ මගේ ඇදේ නිදාගන්න තමා.. මං ටේ එක්ක නිදාගන්නම්.."

ජන්ග්කුක් එහෙම කියලා කට ගත්තේ නැහැ රූම් ඩෝ එකට කවුරු හරි තට්ටු කළා...

"ආහ් ඉක්මනට වරෙන්.. කෝ කෝ මෙහෙන් තියන්න.." ඇකඩමියේ ලමයි වගයක් ජිමින් ගේ ලැගේජ් ටිකත් උස්සන් රූම් එකට ආවා..

"ඇයි මේ.. එතකොට මම ඉන්නෙ මෙහෙද.. මම ඉන්න ඕනේ පලවෙනි මට්ටමේ රූම් එකක නේ"

"කාම් ඩවුන් ජිමින් .. ඒකේ ඉන්න බෑ මිනිහෙක්ට . ඔයා අපි එක්ක මෙහෙ ඉන්න කවුරුත් දැනගන්න එකක් නැහැ. ජින් හියුන්ග් දැනගත්තත් කියන එකක් නැහැ මොකද එයත් දන්නවා එකේ ඉන්න බෑ කියලා.."

"සුවර්ද.." ජිමින් ජන්ග්කුක් දිහා තොලත් පෙරලන් අහද්දී ජන්ග්කුක් ඔව් කියලා හිනා වෙලා ජිමින්ගේ කොන්ඩේ අවුල් කළා..

"අහෙම්.." ටේ ඒත් එක්කම කටෙන් සද්දයක් පිට කළේ එයත් මෙතන ඉන්නවා කියන්න වගේ... ජිමින් ජන්ග්කුක් ගාවින් ඈත් වෙලා ලගේජ් ටිකත් අතට අරන් අහිංසකව බලන් ඉදියේ තේහියුන්ග් යන්න කියයිදෝවත් කියලා...

ඒත් එක්කම ආයෙත් රූම් ඩෝ එකට තට්ටු කළා..

"ආයිශ් කුකා එක සැරේ බඩු ටික ගෙනන් කියාන්.." ටේ නපුරු මූණක් පෙන්නගෙන තරහෙන් කියද්දී ජන්ග්කුක් දොරට ගහපු එකාගේ ආච්චිට හොදවයින් කිය කිය ගියේ...

ඒත් එක්කම දොර ඇරපු ගමන් ඒ ආව කෙනාගේ අතේ ඉදපු ගිරවා පියාඹලා ගිහින් තේහියුන්ග් ගේ කරේ වැහුවා..

"ක්‍රෑස්...ක්‍රෑස්..." ගිරවා අමුතු සද්ද දාද්දී ජිමින් පුදුමෙන් බලන් ඉන්න හැටි ටේ බලාගෙන ඉදියේ.. ඒත් එක්කම ටේ නපුරු බැල්මෙන්ම දොර දිහා බලද්දී එතන ඉදිය ළමයා ,

"අපි ටුටූව හොයාගත්තේ අර ඇකඩමියේ තියෙන පාර්ක් එකේ.."

"හරි යන්න පුලුවන් .." ජන්ග්කුක් ඒ ලමයා අතට සල්ලි නෝට්ටු කීපයක් දීලා යැව්වා.. ටේ ඇහිබැම උස්සන් ඉන්නේ ඇයි සල්ලි දුන්නේ කියලා අහන්න..

ωσℓƒ ɓℓσσ∂ αcα∂εɱყ || ᴠᵐⁱⁿ ᴠᵉʳˢⁱᵒⁿ || ᴏⁿᵍᵒⁱⁿᵍッ Where stories live. Discover now