Chapter 04 💦

393 111 13
                                    

"ඒනම් මාශ්මෙලෝස් පරිස්සමට ඉන්න..දොර ලොක් කරගන්න මම ගියාම..නැත්තම් ඔයාව කාමරේට දාලා මම එලියෙන් දොර ලොක් කරලා යන්නද ?? ඔයාට තාම මෙතන හුරු නෑනේ.. කොහොමත් මම උදේට එන එකනේ.. ම්ම්ම් "

කෙල්ලගේ තොර තෝංචියක් නැති දේශනාව අහගෙන ඉදපු කොල්ලා කෙල්ලගේ අතින් ඇදලා සෝෆා එකේ ඉන්දෙව්වා..මේ වෙලාවේ ජිමින්ගේ හිතේ තියෙන්නේ නොසන්සුන්කමක් බවක්. ඒ හිත ව්‍යාකූල වෙලා...

ඇත්ත!!! ජිමින් අවුරුදු විසිතුනක් වෙනකම් ගෙදරින් පිට ලෝකයක් , මිනිස්සු පිරිච්ච සමාජයක් ඇහැ ගැටිලා තිබ්බේ නෑ. ඒත් ජිමින් දන්නවා මේ ලෝකේ මහ නපුරුයි..රාක්ශයෝ පිරිලා.. චූටි ජිමින්ට කොල්ලාගේ අප්පා පොඩි කාලේ කියලා දුන්නේ එහෙම.. ඒත් එදා ඒ අප්පට බැරි වුණා චූටි ජිමින්ට කියලා දෙන්න කොහොමද ඒ රාක්ශයෝ පරද්දන්නේ කියලා. ඉතිං ජිමින්ට තාමත් බෑ නපුර අඳුරගන්න..

"මින්ටියා මට කියන්න අද උදේ හම්බුණු නන්නාදුනන මනුස්සයෙක් නිසා ඔයා ඇයි ඔයාගේ මුලු දවසම කැප කරන්නේ??? මොකක්ද හේතුව?? ඔයා මගේ කටේ වචනේ විශ්වාස කරලා මේ තරම් දේවල් කරන්න ඔයා බය නැද්ද???

"මට බයයි. හුගක් බයයි.. මේ සැනසීමත් මාව දාලා ඈතට ගහගෙන යයි කියලා මට බයයි මාශ්මෙලෝස්..."

කවුරුත් නොදන්න හිස් ජීවිත කතාවක් මිනූටත් තියෙනවා. එක තැන පල්වෙන ජීවිතයක් කෙල්ලටත් තියෙනවා මුලු ලෝකෙම්ම හංගන..කාටවත් කියාගන්න බැරි ඒ ජීවිතේ ගැන කෙල්ල වදවෙනවා..ජිමින්ගේ වචන කොල්ලා නොදැනුවත්වම හරි මිනූගේ හිත මහ ගොඩක් රිද්දනවා..

රෑ වෙනකම් ඇවිදලා ඇවිදලා දෙන්නම ජිමින්ට ඉන්න තැනක් හොයාගත්තා. ඒත් එතන වුණු ඇත්ත දේ දන්නේ කෙල්ල විතරයි.අඩු ගාණට රෙන්ට් කරන්න තිබ්බ හදිස්සි අපාට්මන්ට් එකක් ගත්තා කියන දේ විතරයි ජිමින් තවම දන්නේ..

ජිමින්ට ඕනි කරන හැමදේම හදලා දීලා කෙල්ල Apartment එකක් එලියට බැස්සා. වෙලාව 10.30.. කෙල්ල දන්නවා දැන් බැනුම් අහන්න බලාගෙන ගෙදර යන්න ඕනි බව..ඒත් කෙල්ලට බයක් නෑ. ඒ තමන් හොදටම දන්න කෙනා.. විශ්වාස කරන කෙනා.. වෙන කවුරුත් නෙවෙයි මිනූගේ හරබොජි.. බැනුමක් ඇහුවත් ඒක ආදරණීයයි කියන බව මතකෙට ආපු කෙල්ලගේ තොල් අතර හිනාවක් ඇදුනේ නිරායාසෙන්මයි...

Blue Eyes || PJM || 🍂|COMPLETED |Tempat cerita menjadi hidup. Temukan sekarang