Chapter 14💦

300 89 52
                                    

Author pov..

කැබින් එකේ තමන්ගේ පුටුවට බර දීලා ලොකු කල්පනාවක ඉදිය කෙල්ලගේ ඔලුව උත්තර නැති ප්‍රශ්න ගොඩකින් පිරිලා ගිහිල්ලා. කොහෙන් පටන්ගෙන කොතනින් ඉවර කරන්නද කියලා හිතාගන්න බැරුව කෙල්ල හෙම්බත් වෙලා. මිනූගේ ඉන්න පීඩනය කොයිතරම්ද කෙල්ලගේ මැලවුණු තෙහෙට්ටු මූණෙන් මනාව පෙන්නුම් කරා.

කාලය සාමකාමීව ගෙවීගෙන ගියාට මිනූ ජිමින්ගේ ජීවිත ගල්පර නැති සුමට තැනිතලාවක් වුණේ නෑ. ගල් මුල් දරාගෙන ඉදිරියට ඇදෙන ගංගාව මොනතරම් මනරම් වුනත් ඒ ගග හැමදාමත් වගේ තමන් දරාගෙන ඉන්න මහ වේදනාව ලෝකයාගෙන් හංගනවා. මිනූත් ඒ වගේ. කෙල්ල පුංචි හේතුවක් හොයාගෙන සතුටු වෙන්න හදනකොට ඒ සතුටට හතුරුකම් කරන්න තවත් හේතු ගොන්නක් කෙල්ල වටේ කැරකෙන්නේ සෙල්ලමට වගේ. ඒ කොහොම වුනත් මිනූ ග්‍රේස් කියන්නේ දෛවයට අභියෝග කරන්නියක්. ඇතුලාන්තය බිදිලා ගියත් කෙල්ල භාහිරින් සිංහ ධේනුවකටත් වඩා ශක්තිමත්.

" මොකද බන් උතුරු කොරියාවයි දකුණු කොරියාවයි එක කොරියාවක් කරන්න වගේ කල්පනා කරන්නේ.. "

" නෑ මම බැලුවේ Moon jea-in ගෙදර යවනවද kim jong-un ගෙදර යවනවද කියලා "

A/N
(Moon jea-in - president of South Korea
Kim jong-un- president of North Korea)

"මම නම් බොක්කෙම්ම Gota go home "

" ජනාධිපතිවරු ගෙදර යවන්න කලින් කසාද මිනිහව ලෝකෙන් යවන්න ඕනි "

කෙල්ල මූණත් දෙක කරගෙන කොල්ලගේ පැත්තට හැරිලා කිව්වේ තව දවස් දෙකකින් වෙන්න යන තමන්ගේ එන්ගේජ්මන්ට් එක මතක් වෙලා.

ඔව් මිනූට බැරිවුණා තමන්ගේ අප්පගේ කීමට පිටින් යන්න. රයන් එක්ක එන්ගේජ් වෙනවා කියන්නේ මිනූගේ අප්පගේ බිස්නස් එක තවත් ඉහලට අරන් එන්න ලොකු රුකුලක් වෙනවා කියන එක. ඇග පුරාම බිස්නස් ලේ විතරක් දුවන මිනූගේ අප්පට තමන්ගේ එකම දුව බිස්නස් ඩීල් එකක් වෙන්න යන එක ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි .

මේ මැරේජ් එකෙන් වැඩිවෙන තමන්ගේ ෂෙයාර්ස් මේ පිස්සු කෙල්ලගේ ජීවිතේට වඩා කොච්චර වටිනවද ?

" ඒක නෙවෙයි මෑම්..ඔයා තවත් මේක ජිමිනිගෙන් හංගනවද ? "

" මම ඒ අහිංසකයට මොනව කියන්නද දෙයියනේ... මේ තරම් ආදරේ කරපු කෙල්ල තව දවස් දෙකකින් වෙන මිනිහෙක්ගේ වෙනවා කියන්නද? මෙච්චර කල් කරපු ආදරේ බොරුවක් කියන්නද? ඒ කොල්ලා පපුව පැලිලා මැරිලා යයි "

Blue Eyes || PJM || 🍂|COMPLETED |Where stories live. Discover now