Chapter 12💦

287 88 58
                                    

Someone's pov

උත්සහය අත් නොහරින තෙක් සාර්ථකත්වය කියන්නේ ලගා කරගන්න අපහසු දෙයක් නෙවෙයි. මේ ලැබ් එක ඇතුලේ මගේ රෑ කියක්නම් ගෙවන්න ඇතිද ? නින්ද කොයිතරම් නම් අහිමි වෙන්න ඇතිද ? මගේ දාඩියෙන්, කදුළු වලින් මේ පොලොව ගනන් කරන්න බැරි තරම් වාර ගානක් පෙගෙන්න ඇති...

ඒත් මගේ හිතේ ඒ ගැන කිසිම විධියක පසුතැවීමක් නෑ. නිහතමානීකම තැවරුණු ආඩම්බරයක් විතරයි ඒක. බිංදුවේ ඉදන් මම ගොඩනගපු මගේ හීනේ. මගේ දාඩිය, කදුළු, මහන්සිය අඩිතාලම වෙච්ච මගේ කැපකිරීම.

අප්පාට මම ගැන විශ්වාසයක් නොතිබිලා වුනත් එදා මට කැමැත්ත දුන්න එකට එයා දැන් සතුටු වෙනවා ඇති. මට නොකිව්වට එයාගේ හිතේ තමන්ගේ දෝණි ගැන පුංචි හරි ආඩම්බරයක් ඇති !! මොකද අපේ කම්පැණි එකේ හදන ගොඩක් රොබෝලා අද වෙනකොට කොරියාවේ ගොඩක් කම්පැණි වල වැඩ කරනවා. අපේ බ්‍රෑන්ඩ් එක දැන් පිටරටවල පවා ප්‍රසිද්ධයි.

K Max Holdings ...

කොරියාවේ රොබෝවරු සපයන ප්‍රධාන ආයතනය. කාර්මික රටක් වුණු දකුණු කොරියාවේ රොබෝලට තිබ්බේ ඉහල ඉල්ලුමක්. සුළු පරිමාණයේ ඉදන් මිනිස්සු කරන වැඩ කරන්න පුලුවන් තරම් වැඩිදියුණු කරපු රොබෝලා k Max
එකේ නිෂ්පාදනය කරනවා. මාස හයක් වගේ කෙටිකාලයක් ඇතුලත අපේ පලවෙනි රොබෝ බිස්නස් වර්ඩ් එකට හදුන්වලා දෙනකොට ඒකේ නිර්මාතෘ වුණු මම අවුරුදු දාසයක පොඩි කෙල්ලෙක්. ඉතින් අප්පා කැමති වුනේ නෑ මම ඒ තරම් පොඩි වයසකින් මේ සමාජෙට අඩිය ගහනවා දකින්න. බිස්නස් වල්ඩ් එක තනිකර කපටිකම, ආත්මාර්ථකාමීත්වය පිරුණු සල්ලි බලයට පිස්සු හැදුණු මිනිස්සු ඉන්න තැනක්. ඉතින් අප්පාගේ තීරණය සාධාරණයි.

මම රැයක් දහවලක් නොබලා අලුත් විදියේ නිෂ්පාදනය ලෝකෙට දෙන්න මහන්සි වුණා. මෙතෙක් කල් ලෝකේ රොබෝවරු ලග නොතිබුණු පහසුකම් හදන්න මොලේ වෙහෙසුවා. දවසින් දවස බලාගෙන ඉන්නකොට අප්පගේ බිස්නස් එක කඩාවැටුණටත් වඩා වේගෙන් දියුණු වෙන්න පටන් ගත්තේ අප්පගේ, ඔම්මගේ පරණ ජීවිතේ එයාලට ආයෙමත් ලබා දීලා. මම පසුතැවුණා. ඇයි මම එහෙම දෙයක් කරේ ?? එයාලගේ නැතිවුණු ගෞරවය, ව්‍යාපාර ලෝකේ එයාලට හිමිවෙලා තිබ්බ පිලිගැනීම ආයේ ලැබෙනකොට ඉස්සර වගේම එයාලට ඒ දෙන්නාගේ පුංචි කෙල්ල අමතක වුණා. මගේ ලෝකේ තනියම කියන මූසල අන්ධකාරෙන් වැහිලා ගියා. ඒ දෙන්නගේ ආදරෙන් පාට කරන්න හිටපු මගේ අහිංසක ලෝකේ ඝණ වැහි වලාවකින් වහගත්තා.

Blue Eyes || PJM || 🍂|COMPLETED |Where stories live. Discover now