Chapter 18💦

274 74 52
                                    

Author pov..

හීන් හිරි පොදයක් ඒ රාත්‍රිය තවත් දුක්මුසු කලා. හීනියට පොලව සිපගන්න පුංචි වැහිබිදු නිසා ඇහෙන සිරි සරි හඩ වා කවුළු අතරින් රිංගලා ඇවිත් කෙල්ලට තුරුල් වුණේ තනියම ඉකිබිදින කෙල්ලගේ හිතට රැකුලක් දෙන්න වගේ. වෙනදට ඉස්පාසුවක් නැතුව ඇහෙන හිනා හඩවල් වෙනුවට මුළු ලැබ් එකම පිරිලා තිබ්බේ ජන්කුක්ගේ කෙදිරිලි වලින් විතරයි.

සැරින් සැරේ කොල්ලගේ පපුව අයිස්පැක් වලින් තවන ගමන් මිනූ ජන්කුක්ගෙන් බේරෙන දාඩිය බිංදු පිහිදලා දැම්මා. එක විනාඩියකට වත් විවේකයක් නොගෙන මිනූ ජන්කුක් ගාවටම වෙලා ඉදියේ හරියට ඉස්සර මිනූ ලෙඩ වුණාම කොල්ලා මුළු රෑම නිදිමරාගෙන කෙල්ලට සාත්තු කරනවා වගේ. කොල්ලගේ පියවුණු විඩාබර ඇස් වලින් එක දිගට ගලන කදුළු පිහිදලා මිනූ කොල්ලගේ ඇදටම ඔලුව තියාගෙන කොල්ලගේ ඔලුව සීරුවට අතගෑවා. මිනූ තමන්ට අමාරුයි කියලා දැනුණොත් රයන් කිව්ව දේට එකග වෙයි කියන බයට කොල්ලා පුලුවන් තරම් තමන්ගේ වේදනාව හංගගන්න පරිස්සම් වුණා..






" ඔව් මේ හැමදේම කිව්වේ ඔයාගේ අප්පා. දවසක අහම්බෙන් දැක්ක ෆයිල් එකක මුළු ලෝකෙටම චැලෙන්ජ් කරන්න පුලුවන් වෙපන් එකක් හැංගිලා තියෙනවා කියලා අන්කල් දැනගෙන තියෙන්නේ එදා. ඒකත් මේ අපි හැමෝම දන්න ජෝන් ජන්කුක්.. හී ඊස් අ රොබොට්!!!! "

"ප්‍රින්සස් අපිට මොලේ තිබ්බට වැඩක් නෑ අපි ඒකෙන් ප්‍රයෝජන ගන්නැත්තම්.. බලන්න ජන්කුක් වගේ අය තව හැදුවොත් අපිට කොච්චර ලොකු profits ගන්න පුලුවන්ද.. අපිට ඒකෙන් හිතාගන්න බැරි තරම් සල්ලි හොයන්න පුලුවන්.."

" ඕකේ මම ඔයාගේ කන්ට්‍රෑක් එකට කැමතියි. ඒ නිසා බෝන්ස් වලට ඕනි දේවල් මට දෙන්න රයන් ප්ලීස්.."

" නෝ ප්‍රින්සස්.. අපිට ඕනි දේවල් එහෙම ලේසියෙන් ලැබෙන්නෑ..ඔයා අර අන්ධ කොල්ලා නිසා මාව ඉග්නෝ කලා. ඌ දැනගන්න ඕනි මේ රයන් ඈශර් කියන්නේ කවුද කියලා....."

මීට ටික වෙලාවකට කලින් රයන් කිව්වේ මුළු staff එක ඉස්සරහටම ජිමින් ගෙන්නලා රයන් මිනූගේ boyfriend කියලා confirm කරන්න කියලා. රයන් හදන්නේ මීට කලින් මිනූ ඉස්සරහ බාල්දු වුණු එකට පලි ගන්න. මිනිස්සු ඉස්සරහ ජිමින්ව අසරණ කරන්න. මේ වෙන කිසිදෙයක් දන්නැති ඒ අහිංසකයව රයන්ට ඕනි විදිහට රිද්දන්න.

Blue Eyes || PJM || 🍂|COMPLETED |Donde viven las historias. Descúbrelo ahora