සිව්වන පරිච්ඡේදය

1K 239 58
                                    

බෝනස්

" මේ මොකක්ද යකෝ....😬😠🤬 කවුද මට මේ අපරාදේ කරේ........"

ශාන් හට තුරුල් වී සිටි යීබෝත් , යීබෝව තමන්ට තුරුල් කොට ගෙන සිටි ශානුත් ඒ හඩට ගැස්සීගෙන අවදි වෙද්දි පුංචි එකෙක් ඒ හඩට අවදි වී හොදටම කෑ ගසා අඩයි..

" නැගිටපියව් ඔක්කොම... "

රොබටිගේ කෑ ගැසිල්ල නිසාම සියලුම ළමුන් ඇද පාමුල සිට ගද්දී ශාන්ගේ අතේ එල්ලී යීබෝත් රොබටි දෙස බලන් ඉන්නට උනා.. ඉතා ආයාසයකින් තමයි කොල්ලා එලියට පනින්න යන හිනාව තද කරන් උන්නේ..

ශාන් රොබටිව දුටු විගස බිය වී බැලුවේ යීබෝ දිහා.. කුමක්දෝ හේතුවක් නිසා ශාන්ට හිතුනේ තමන්ගේ පුංචි බෝදී අතින් මේ විනාසේ වෙලා ඇති කියලයි.. ඒත් ශාන්ට හොදටම විස්වාසයි එයා යීබෝව තුරුල් කරන් තමයි නිදාගත්තේ කියලා... එහෙනම් යීබෝ පිට වෙලා යන්න විදියකුත් නෑ...

" වරෙව් මේක කරපු එකා ඉස්සරහට ඉක්මනින්...වරෙන් ඉතින්..."

ඊයේ දිනයේ රොබටි කෑ ගසද්දී තිබූ පෙනුමට වඩා හාත්පසින්ම දැන් ඒ පෙනුම වෙනස් වී ඇත... රොබිටි සතුව දිගු කොන්ඩයක් තිබුනත් අද ඒ කොන්ඩය තැනින් තැන කපා ඇත්තේ හිස් මුදුනෙන්මය...

යීබෝ අතට අහු වූ කතුරෙන් ඒ මුළු කොන්ඩයම නැතුව තැනින් තැන තට්ටෙටම කිට්ටුවෙන් කපා ඇත...ඒ පමණක් නොව රොබටිගේ ඇදුමත් තැනින් තැන කපා ඇත... හෙමින් අල්මාරිය ඇරි යීබෝ එහි වූ ඇදුමුත් පෙරදා රැයේ කපා ඇත..

ඉතින් ඒ මුහුණ දැන් පෙරටත් වඩා විරූපී වී ඇත...දැන් නම් මල යකින්නක් මෙන් රොබටිව දිස් වේ... ඇදන් සිටි ගවුමේ බඩ මැදින්ම කපා ඇති නිසා ඒ බඩත් එලියට ඇවිත් ඇත...

" ඇයි තොපේ කටේ පිට්ටුද යකෝ.. වරෙන් කරපු එකා..."

කිසිම කොල්ලෙක් සද්දයක් නෑ.. යීබෝත් කිසිම දෙයක් දන්නෙ නෑ වගේ ඉන්නේ පුංචි කමට කපටි සිතින්...

යීබෝගේ අත ශාන් තදින් මිරිකමින් ඇස් වලින් ඔයාද කියා අහනකොට යීබෝ හෙමින් ඔලුව දෙපසට කරේ නෑ කියන්න.. ඉතින් ශාන්ට සැනසීමක් දැනුනා.. රොබටි කේන්තියෙන් එක එක දරුවා ගාවට ගිහින් අන්තිමට නැවතුනේ යීබෝ හා ශාන් ගාව...

༒  සොයා එන්නම්  ༒                           ✓ Where stories live. Discover now