දාහතර වන පරිච්ඡේදය

1.1K 234 78
                                    


සීත සැඩ මාරුතයක් සේ
ගොඩට ගලා ආ රළු මුහුද සේ
එක් වරම ආ පස් කන්දක් සේ
ඔබත් ගියේ මා නොසිතූ සේ....

තුරුලට ගෙන නිදන්නට
මා සිහින දැක්කා..
වසර දෙකක් ඔබ දකින්න
පෙරුමන් පිරුවා..
දිනක් ඔබව දුටු විට ඔබ
සතුටින් උන්නා...
ඒ නිසාම මා මගෙ අඩිය
පස්සට තිබ්බා...

දනිමි මා කලේ අණුවන වැඩක්
කියා...
එහෙත් මා සැමදා නුඹ ළග
සිටියා...
ඔබේ සිනහවෙන් මගේ කාමරේ හැඩ වූවා...
නමුත් අදයි මා මෙතරම් සතුටු
උනා..

උබ මගේ නේද මගේ රං මැණික..
නෑ කියා කියන්නට එපා මගෙ පොඩි මැණික..
ළගින් තියන් රකින්නේ මගෙ සං මැණික..
මං ආදරෙයී බන් මගෙ මේ පණ ටිකට....

( ශාන්ගගෙන් එයාගෙම බෝදිට..)

ශාන් රෝහල් යන පුරුද්දට පාන්දර හය වෙද්දි අවදි වෙලා දැන් පැයකට ආසන්නයි යීබෝගේ මූණ දිහා බලන් ඉන්නවා... යීබෝ ඉන්නේ හොදම නින්දේ.. කොල්ලගේ උණත් බැහැලා ගිහින් දැන්... ඒ මූණ එලිය වැටිලා...

ශාන් හරිම පරිස්සමෙන් බෝදීව ඇදෙන් තියලා බ්ලැන්කට් එක බෙල්ල ගාවටම පෙරෙව්වා...

🐰 හොදට දොයියන්න බබා... මන් පහළට ගිහින් එන්නම්... පපා ලෑස්ති වෙලත් ඇති...

ශාන් ශෝට දිහා හොදට බැලුවෙ කරුමෙටවත් කනපිට හරි ඉස්සරහා පස්ස මාරු කරලා හරි ඇදලදෝ කියලා සැකෙන්...

ශාන් පහළට යද්දි ශියාඕ කෑමත් කනවා...ශාන් ශෝට විතරක් ඇදන් එනවා.. කකා උන්න පාන් කෑල්ලත් දොට්ට පැන්නා ශියාඕගේ..

" අහ් කොල්ලෝ... කැහ් කැහ්.."

🐰 අයියෝ මොකෝ පපා ඔය... හිර උනාද...

" හිර නෙවෙයි මෙහෙම යද්දි මන් ඉක්මනින් පරලෝ සැපත් වෙනවා.."

🐰 මොනවා කියනවද පපා උදේ පාන්දර.. මූසල කතා කියන්නෙපා..  ඔයා තව ගොඩාක් කල් ඉන්න ඕනා මගෙ පපා.. අනාථයෙක් වෙච්ච මම නිකන්ම නිකන් ශාන් වෙච්ච මම ශියාඕ ශාන් උනේ ඔයා නිසා.. නම විතරක් නෙවෙයිනේ මගෙ පපා මට දුන්නේ.. ඔයා මට හොදට ඉගැන්නුවා... වැරහැලි ඇදන්  උන්න මන් අද වටින ඇදුම් අදින්නේ ඇයි.. ඒ මගෙ පපා නිසා..  හොද හදවතක් තියෙන තාත්තා කෙනෙක් ඔයා.. ඒ නිසා මට ඔයාව ගොඩාක් හොදින් බලාගන්න ඕනා පපා....

༒  සොයා එන්නම්  ༒                           ✓ Where stories live. Discover now