සොයා එන්නම්.... බෝනස්
*
*
*
යීබෝ උන්නේ කාමරේ පුරා එහාටයි මෙහාටයි යන ගමන් ඔලුවත් කස කස කල්පනා කරන ගමන්... කොල්ලට ලොකු ප්‍රශ්නයක් ඇවිත්..කොල්ලා ඒකයි මේ දස අතේ කල්පනා කරන්නේ...
🦁 ආයීශ්... කොයිකද යකූ ලස්සනම... අනී මට බෑ... සුදු අදිනවද .. රතු අදිනවද...
කොල්ලා මේ ඇදන් යන්න කමිසයක් තෝරනවා... ශාන්ව බලන්න යන්න කොල්ලා තියෙන ලස්සනම ඇදුම මේ තෝරන්නේ...
🦁 රතු අදිමු...
අන්තිමට කොල්ලා රතු කමිසයක් හොයලා ඇදලා සෙන්ට් බෝතලේම ඇගට හලාගෙන සපත්තු දාලා බැගේජ් එකත් තල්ලු කරන් ඉස්සරහට යද්දිම බින් හෝන් එක උඩ වාඩි වෙලා දගලනවා...
💎 වරෙන් යකෝ...
🦁 එනෝ එනෝ... යකෝ ශන්ගා මගේද මුගේද...
තනියම බින්ටත් බැන යීබෝ කුනු කුනු ගගා කාර් එකට නගිද්දි බින් අත් දෙකෙන්ම නහය වහගත්තා...
🦁 මොකෝ යකෝ...
💎 බම්ලෝ තෝ සෙන්ට් නෑවද.. අම්මෝ හචීන්....ඥහය මගේ...
යීබෝගේ සෙන්ට් එකට බින්ගෙ නහයත් හොල්මන් වෙලා . ඒ අස්සේ බින් හෝ හාලා කිවිසුම් යවනවා.. යීබෝ ඉක්මනින් යන් කිය කිය බනිනවා...
💎 යන් යන් යකෝ.. මොකෙක්ද මන්දා උබ...
බින් කාර් එක පණ ගන්වද්දි යීබෝ ශාන්ගේ කාඩ් එක බල බල හිනාවෙනවා... බින් දැන් සෑහෙන්න වෙලාවක ඉදන් මේ නරී කෝලම දිහා බලන් උන්නේ...
💎 දීපන් ඕක මෙහෙට වැඩක් කරමු...
🦁 අනී ඕක ඉරෙයි යකෝ..
💎 නෑ නෑ හිටුකෝ...
කාර් එකත් පාරේ පැත්තකින් නවත්වපු බින් යීබෝගෙන් ඉල්ලුවෙ යීබෝගේ ෆෝන් එක...
🦁 ඇයි බන්...
💎 කෝල් කරමු උබේ මහලොකු දොස්තරයට...
🦁 අනී මේ ඒම කියන්න එපා හොදේ...
💎 ගමු බන්.. පොඩි බයිටක් දෙමු...
YOU ARE READING
༒ සොයා එන්නම් ༒ ✓
Fanfictionහදවතට දැනුන කෙනා.. එයා දැන් කොහේ ඇතිද.. ආයෙමත් දවසක එයාව හමු වේවිද.. හමු වුනත්.. නොවුනත්.. හැමදාම ඔබ මහේ හදවතෙ සිටීවී.... 💎 Romance FF 💎 ZY ff