04

1.2K 271 0
                                    

ජන්ග්කුක් අඩ නින්දේ ඇඳේ වැතිරිලා නිදාගෙන ඉන්නකොට ටේහ්‍යාන්ග් ටවල් එකක් ඇදගෙන සිගරට් එකක් බොන ගමන් ඇඳේ කොණක වාඩි වෙලා හිටියා....

"ජන්ග්කුක්.... ඔයා මේක කොච්චර කල් ඉදන් කරනවාද??"

ටේහ්‍යාන්ග් බෙඩ් ශීට් එකකින් නිරුවත වසාගෙන සිටින ජන්ග්කුක්ගෙන් අහනකොට ජන්ග්කුක් ඇදෙන් නැගිටලා හෙඩ් බෝර්ඩ් එකට හේත්තු වුණා......

"ඇයි එහෙම අහන්නේ......??"

ජන්ග්කුක්ගේ ප්‍රශ්නය ඉස්සරහ ටේහ්‍යාන්ග් නිරුත්තර වෙද්දී ජන්ග්කුක් ටේහ්‍යාන්ග්ගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් ටේහ්‍යාන්ග් දිහාම බලන් හිටියා.....

"නිකන්......."

ටේහ්‍යාන්ග් කිව්වෙ සිගැරට් එක කටින් එළියට අරන් දුම් වළාවක් පිටකරන ගමන්.....

"ඉතින් නිකන් නම් ඇයි අහන්නේ......"

ජන්ග්කුක් සමච්චල් සහගතව අහනකොට ටේහ්‍යාන්ග් හිනා වුණා.....

"නෑ මම කියන්නේ...... ඔයා වගේ ලස්සන, තරුණ කෙනෙක්..... ඇයි මේ වගේ දෙයක් කරන්නේ....??"

"මේ වගේ දෙයක් කිව්වේ......??"

"එක එක පිරිමි එක්ක දවස ගානේ බුදියන්නේ.....?? ඔයාට තිබුණනෙ හොද කෙනෙක් කසාද බැදලා හොද ලස්සන ජීවිතයක් ගත කරන්න.... කව්ද අකමැති ඔයා වගේ ලස්සන තරුණ කෙනෙක්ව කසාද බදින්න.... ඇයි ඔයා මේ වගේ දුක් විදින්නෙ.... අතින් අතට ගිහින්....."

ටේහ්‍යාන්ග් තමන්ට හිතෙන දේවල් කිව්වා......

"මොකද මේක මගේ රස්සාව ටේහ්‍යාන්ග්.... මට මේකෙන් ඇතිවෙන්න් සල්ලි හම්බකරන්න පුලුවන්..... කාලා ඇදලා ජීවත් වෙන්න පුලුවන්.... ඕනි දේකට වියදම් කරන්නත් පුලුවන්..... මට මොනවද අඩු......"

"ඔයා කියන්නේ ආදරය කරන කෙනෙක් නැතුව ගෙවෙන ඔයාගේ ජීවිතේ ලස්සනයි කියලද? ඇයි තමන් ගැන හිතන්න බැරි..... ඇයි මේකෙන් නිදහස් නොවෙන්නෙ.... ටිකක් හිතලා බලන්න..... ඕපන්ලි ෆ්‍රීලි හිතුවොත් ඔයා නිකරුනේ ඔයාගේ ජීවිතය නාස්ති කරගන්නවා ජන්ග්කුක්......"

ටේහ්‍යාන්ග් ජන්ග්කුක් ගැන උණු වූ හදවතින් යුතුව තමන්ගෙ හැඟීම් අකුරු කළා.....

"ඔව් ටේහ්‍යාන්ග්.... ඔයා හරි...... මම ගෙවන්නෙ මහ කාලකණ්නි ජීවිතයක්..... ඒත් මම මේකට හුරු වෙලා....."

______________________________________

LIKE A PETUNIA | ටේකුක් ✔✔Where stories live. Discover now