07

1.4K 318 87
                                    

දන්නවාද..... පෙටුනියා මල් හරිම ලස්සනයි..... ඒකේ විශේෂත්වය තමයි වර්ග 20ක් පමණ තියෙන එක..... පාට කිහිපයකින්ම..... ඒ වගේම ඕනෑම කාලගුණයකදී හැමදාම මල් පිපෙන එක..... මල් පඳුර පිරෙන්නම මල් පිපෙන එක..... ඊටත් වඩා පෙටුනියා කියන්නෙම හරිම ලස්සන මලක්.....

අනේ සමාවෙන්න...... පෙටුනියා මල කොච්චර ලස්සන උනත්, හැමදාම පිපුණත්, ඕනෑම කාලගුණයක් දරාගත්තත් ඒක පොඩ්ඩක්වත් සුවඳ නෑ කියලා කලින් කියලා තියන්න මට අමතක වෙන්න ඇති...... ඔව්....... පෙටුනියා මල කියන්නෙ ගඳක් සුවඳක් මේ දෙකෙන් එකක්වත් නැති මලක්...... ඒත් හරි අපූරු මලක්...... සුවඳ නැති මේ මලට බඹරු ඕන තරම් ආකර්ශණය වුණා.... පොර කකා ළං වුණා.... මොකද පෙටුනියා හරිම ලස්සනයි..... වශී කරවන සුලුයි..... පෙටුනියා වල වර්ණය බඹරුන් මත් කරවන සුලු තරම් වෛවර්ණයි...... ජන්ග්කුක් හරියට පෙටුනියා මලක් වගේ.... ජන්ග්කුක් විතරක් නෙවෙයි...... ජන්ග්කුක් වගේ හැමකෙනෙක්ම පෙටුනියා මලක් වගේ.....

ගණිකා වෘත්තියේ යෙදෙන හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම මේ පෙටුනියා මල වගේ...... ලස්සනට බඹරු ළං වුණාට උන් හැමදාම කියන්න ඇති පෙටුනියා උබ ලස්සන උනාට සුවඳ නෑ කියලා..... ලස්සන උනාට සුවඳ නැති උබෙන් වැඩක් නෑ කියලා.....

වැරැද්ද තියෙන්නෙ කොතනද?? සුවඳ විහිදෙන මල් තියෙද්දී පෙටුනියා මලේ ලස්සනට වහ වැටිලා එන බඹරාගෙද? පෙටුනියා මලේද?? වැරැද්ද තියෙන්නෙ කොහෙද?? තමන්ගෙ සැමියා බිරිඳ ඉන්නකොට වෙන ගෑණු හරි පිරිමින්ව හරි හොයන් යන අය ගාවද? ඔය හැමෝම වැරදියි..... දන්නවද...... නොමග යන්න ප්‍රධානම හේතුව තමයි මිනිස්සු තමන්ගෙ අයට හරියට ආදරය කරන්න නොදැන ඉන්න එක...... හදවතින්ම ආදරෙයි නම් කවදාවත් කෙනෙක් සැමියා, බිරිඳ කියන රාමුවෙන් පිට ගිහින් වෙනත් පහසක් සොයන එකක් නැහැ..... දරුවන්ට ගින්දරක් දෙන එකක් නෑ.....

කාලය ගෙවුණා.... ජන්ග්කුක් කියන පෙටුනියා මල දහසක් බඹරුන් අතින් තැලී පොඩිවී සුවඳ නැහැයි කියන වචනය අහගනිද්දී නිවාඩු වෙලාවක ජන්ග්කුක් ඉන්න ගෙදර සීනුව නාද වුණා.....

"කමින්ග්......"

හදිස්සිකාරයෙක් සීනුව උඩ නැගගෙන නැගගෙන නාද කරද්දී  ජන්ග්කුක් ඉක්මනට ගිහින් දොර ඇරියා......

"ටේහ්‍යාන්ග්.......???"

ජන්ග්කුක් දැක්කේ තමන් දිහා ආදරණීය ඇස් වලින් බලන් ඉන්න ටේහ්‍යාන්ග්ව....

"යස් ජන්ග්කුක්..... ඉට්ස් මී.... මාව මතකද??"

ටේහ්‍යාන්ග් එහෙම අහන එක කොයි තරම් අසාධාණද කියලා ජන්ග්කුක් හිතුවා.... කොහොමද ජන්ග්කුක් ටේහ්‍යාන්ග්ව අමතක කරන්නේ..... ජන්ග්කුක්ගේ පළවෙනි සහ අන්තිම ආදරය පවා ටේහ්‍යාන්ග් වෙනකොට???

ජන්ග්කුක් හිනාවෙලා නිවස ඇතුළට ගියේ ටේහ්‍යාන්ග්ව පුදුම කරවලා.....

ටිකකින් ජන්ග්කුක් ආයෙම එනකනුත් ටේහ්‍යාන්ග් බලන් හිටියා.....

"ටේහ්‍යාන්ග්ට මේක මතකද??"

ජන්ග්කුක් අතේ තිබුණෙ නිල් පාට ටයි පටියක්......

"ජ...... ජන්ග්කුක්..... ඒක මගේ නේද??"

"ඉතින් ටේහ්‍යාන්ග් හිතනවද මට ටේහ්‍යාන්ග්ව මතක නෑ කියලා...."

ජන්ග්කුක් මදහසක් පාන ගමන් ඇහුවා.....

"ජන්ග්කුක්...... මම ඔයාට ආදරෙයි..... සමාවෙන්න..... මම අවුරුදු දෙකක් පරක්කුයි......."

ටේහ්‍යාන්ග් කලිසම් සාක්කුවෙන් එළියට ගත්තු පුංචි රතු පාට පෙට්ටියක් දිග හරින ගමන් කිව්වා...... ඒකේ තිබුණේ දිලිසෙන මුදු දෙකක්.....

"ජන්ග්කුක්..... ඔයා ඔය ජීවිතේ මම වෙනුවෙන් අතහරිනවද?? ඔයාට අතහරින්න පුලුවන්ද??"

විල් යූ මැරී මී?? වෙනුවට ටේහ්‍යාන්ග් අහපු ප්‍රශ්නය ජන්ග්කුක් බලාපොරොත්තු වුණ විදියෙ එකක් වුණා....

"මම ඔයා එනකන් හැමදාම බලන් හිටියා ටේහ්‍යාන්ග්...."

ජන්ග්කුක් උත්තර දෙනවා වෙනුවට තමන්ගේ වම් අත ටේහ්‍යාන්ග්ට දික් කළා......

"අයි ලව් යූ ජන්ග්කුක්"

"අයි ලව් යූ ටූ ටේහ්‍යාන්ග්......"

පිරිමි උනත් හැම කෙනෙක්ම එක වගේ නැතිකොට අතරින් පතර කොන්දක් තියෙන පිරිමි ඉන්නවා කියලා ටේහ්‍යාන්ග් ඔප්පු කරනකොට, ජන්ග්කුක් වගේම "හැම පිරිමියම එක වගේ" කියන හැමෝගෙම මතය මොහොතකට වෙනස් කරන්න සිද්ද වුණා..... ඉතින් ආදරය හරි ලස්සනයි..... හොද හදවතක් තියෙන අය ආදරය කරනකොට.....
______________________________________

ඇත්තටම ඉවරයි......😂🤧

LIKE A PETUNIA | ටේකුක් ✔✔Where stories live. Discover now