Ewa

339 33 13
                                    

🛑ඊවා🛑

01
.
.
.
.
.
.
.
.
ආදරේ විදිද්දි නොදැනෙන නොපෙනන පැති ගොඩයි. ආදරේ නොලැබෙද්දි දැනෙන පෙනෙන පැති ටිකයි.... ඒ අස්සෙ මං එදා හොයපු නැති ආදරයක් අද උබෙන් හොයන්න ගිහින් අතරමං වෙලා. උබ නැති ජීවිතයක් මට දැන් කොහෙන්ද.

උබත් හරියට රැල්ල වගේ. වෙරලක් උන මගේ ජීවිතේට ඇවිල්ල මාව වෙනස් කරල උබ ආපහු යන්න යයිද කියල මට බයයි. නිකන්ම නෙවෙයි... මාව ටිකෙන් ටික නැති කරලා. උබ මට නැති කරන්නෙ උබව විතරක් නෙවෙයි උබට විතරක් අයිති මාවත් උබ මට නැති කරනව.

මං දන්නව උබ කොහෙත්ම කැමති නෑ මං දුක් විදිනව බලන්න. උබ පොඩ්ඩක්වත් කැමති නෑ මගෙ ඇහෙන් කදුලක් වැටෙනවට. මං දන්නව මගෙ හුස්ම වැටෙන්නෙ උබ නිසා කියල. ඒත් අසරණ වෙන වෙලාවට උබ දීපු මගෙ හුස්මවත් මට අයිති නැත්තන්.....

උබ මගෙ පන බං. උබ මගෙ ජීවිතේ. උබ තමයි මගෙ හුස්ම. මාව ජීවත් කරන්නෙ උබ වෙච්චිකොට මං කොහොමද උබට වරදක් වෙන්න ඉඩදෙන්නෙ.

සමහර විට උබට මේ ලියුම හම්බෙද්දි මං උබ ගාව නැති වෙයි. මං උබ ගාව නැති උනත් අහසෙ තරුවක් වෙලා හරි උබ දිහා බලාගෙන ඉන්නම්. උබ ජීවත් වෙයන්. මං වෙනුවෙන්... උබ දීපු හුස්ම රැකගන්න මට බැරි උනත් මං උත්සහ කරනවා. උබට අයිති හුස්ම නවතිනකන්ම මං උබව දාල යන්නෙ නෑ කියල.

රෑ අහස බලපන්. මං ඉදී හද ලග හැංගිලා. උබට පෙනෙයිද නොපෙනෙයිද දන්නෙ නෑ. ඒත් රෑ අහසෙ හද ගාව නැතත් මගෙ හද ගාව හැමදාම මං ඉදී... උබේ ඇස් මානෙ මං නැත්නම් අත තියල බලපන් උබේ ගැහෙන පපුවට. උබට උණුහුමක් දැනෙයි. ඒ තමයි මං.

ඉතින් ඉවසපන්. කවදහරි උබට පුලුවන් වෙයි සැනසීමෙන් ඉන්න. උබ මට දීපු හුස්ම මං අත ඇරියත් මට සතුටුයි. මං උබ දීපු හුස්ම අත අරින්නෙ උබට හුස්මක් එකතු කරලා. ඒ නිසා මං වෙනුවෙන් රැකගනින් ඒ හුස්ම. ජීවත් වෙයන් උබට ඕනෙ විදිහට. ඒත් සීමාවක් තියාගනින්. මොකද උබ පනින සීමාවෙන් මෙහාට ඇදලගන්න මං උබ ලග නෑ.

ආයෙත් කියන්නෙ. සමාවෙයන් ඒවගේම ස්තූතියි. මගෙ පන උනාට... මගෙ ජීවිතේ උනාට... මගෙ හුස්ම උනාට....

මං උබේ ඇස්දෙක
දෙනුවන්

.
.
.
.
.
.
.
.
.
.

🛑ඊවා🛑Where stories live. Discover now