💥02💥

94 11 5
                                    

(පලවෙන් කොටස කියවල එන්න ලමයි. මාස ගානකට කලින් පලවෙනි කොටසදීලා තියෙන්නෙ. පලවෙනි චැපිය කියවල එන්න)
.
.
.
.
.
.
.
.
.
.

  එක දිගට පැය එක හමාරක ගමනක්. කිසිම කෙනෙක් නැතුව මේ තරම් දුර යන පලවෙනි අවස්තාව. ඒත් මොනව කරන්නද. අම්ම වෙනුවෙන් මට තනි වෙන්න සිද්ද වෙනවා.

බස් එකේ ඉස්සරහ සීට් එකට ඔලුවත් ගහගෙන මං කල්පනා කලේ යායතී ගැන. ආදරේ නිසා වෙන එකෙක්ගෙ පව් මට කරගහන්න වෙනව නේද කියල මතක් වෙද්දි සැනසීම කියන දේ පෑල දොරින්ම යන්න යන්නෙ නිකමටවත් මං දිහා හැරිලවත් නොබලා.

මං තාමත් හො‍යනවා මට වැරදුනේ කොතනද කියල. මට මග ඇරුනෙ කොතනද කියලා. යායතී කියන්නෙ ඇත්තටම අහිංසක කෙල්ලක්. ඒත් ඒකිගෙ අහිංසකකම වෙන උං ප්‍රයෝජනයට ගත්තා. ඒකෙන් උනේ ඒකි හිතුවක්කාර උන එක. මට මතක් උනේ ඊයෙ හවස යායතී ඇස් වල කදුලු පුරවන් මං දිහා බලන් හිටපු හැටි. ඒකි මට ආදරෙයි... මං දන්නවා. මගෙ හිතත් දැන් මං ඒකිට ලියල දීලා ඉවරයි. ඒත් මට දැනෙන්නෙ හිස්කමක්. නොතේරෙන අඩුවක්. මුලු ජීවිතේම නීරසයි කියල හිතෙද්දි හැමදේම දමල ගහල මුලු ලෝකෙන්ම ඇත් වෙන්න හිතෙනවා. ඒත් මගෙ අම්මගෙ අහින්සක ඇස් දිහා බලන් මට ඒකට හිත හදාගන්න බෑ.

පැග ගානක් බස් එකේ තැලිලා පොඩි වෙලා කුරුණෑගලින් බැස්සෙ බඩගින්නත් දරාගන්න බැරිම තැන. ගෙදරින් බීලා ආපු තේ කෝප්පෙ ඇරුනම කිසිම දෙයක් බඩට නොවැටී පැය ගානක් බස් එකේ එනව කියන්නෙ ජීවිතෙත් එක්ක තිත්ත වෙන වැඩක්. ගෑස්ටික් වැඩි වෙලා සැරෙන් සැරේට උගුරට එද්දි, බස් එක ගැස්සෙන ගැස්සෙන පාරට බඩ කලතවගෙන වමනෙට එද්දි, තැලිලා පොඩිවෙලා ඉහෙන් කනින් දාඩිය දාද්දි මේ ජීවිතේ තියෙන නීරස  ඇග ඇතුලටම කා වැදෙනවා.

කූබි ගුලක් ඇවිස්සිලා වගේ එහාට මෙහාට දුවන සෙනග අතරෙ ටියුශන් පන්ති වලට දුවන ලමයි, සුදු සාරි පටලන් උසාවි දුවන කෙල්ලො, බස් එක කෝච්චිය අල්ලගන්න දුවන ජොබ් වලට යන ගෑනු පිරිමි පිරිල ඉන්න කුරුණෑගල ටවුන් එක දකිද්දිත් මට නම් හිසරදයක් ගානයි. මොකද ඉතින් මේ වගේ ජනාකීර්ණ පැත්තක නෙවෙයිනෙ මං ජීවත් උනේ. මේ පිරිලා ඉන්න සෙනග කන්දරාව වගේ ප්‍රමාණයක් අඩුම අපේ අහල ගම් තුන හතරෙවත් නෑ.
.
.
.
.
.
.
.
.
.

🛑ඊවා🛑Where stories live. Discover now