💥01💥

184 20 9
                                    


.
.
.
.
.
.කුඩු පොදකින් ආරම්භ උන වැස්ස මහා වැස්සක් වෙන්න ගත උනේ බොහොම පුන්චි වෙලාවයි. දොර උලුවස්සට පිටදීල මහ වැස්ස දිහා මං බලන් හිටියත් හිතට දැනෙන බර පොඩ්ඩක්වත් අඩු උනේ නෑ. මොර සූරණ වැස්ස තිබුනත් ගුරු පාර දිගේ වාහන යන්නෙ වැස්ස ගැන පුන්චිම හරි තැකීමක් නැතුව. හීන් හිරි පොද වලින් උලුවස්සට පිටදීල හිටපු මගෙ ඇදුන් තෙමිල ගියත් නිවස ඇතුලට යන්න තාමත් මට හිතක් නෑ. තව පැය කිහිපයයි. අලුත් ජීවිතයක් පටන් ගන්න මේ නරාවලෙන් එලියට යනකන් මට ඉස්පාසුවක් නෑ. ඒත් හිතට බරයි. හේතුව මොකක්ද කියල මට තාමත් හිතාගන්න බෑ.

"ලොකූ.... මෙන්න මේ ගෙට ඇවිත් තේ එක බීපන් කොල්ලො. අනේ මන්ද බං. උබ නැතුව මේ බිත්ති හතරෙ කොහොම ඉන්න කියල හිතන්නවත් බෑ මට. හම්....උබට කවදාවත් වරදින්නෙ නෑ කොල්ලො. මට මේක ඇතුලෙ තනියක් නෑ. මට දුක උබ ගිහින් දුක් විදින එක ගැන මගෙ පුතේ."

දැනට දවස් දෙක තුනක ඉදන් අම්මගෙ කටින් ඔය ටික නොකියවුන දවසක් නෑ. උන්දැත් එන්න එන්නම වයසට යනව. ඉස්සර වගේ දුවල පැනල වැඩක් පලක් කරන්න බෑ. ඒ උනත් අම්මගෙ හිත තාම හයියයි. මං බලන් හිටියෙ අම්ම දිහා. ඉස්සර පිරිල තිබුන මූන දැන් හෙම්බත් වෙලා. හකු පවා ඇට ගැහිල ගිහින්. වයසත් එක්කම රැලි වැටුන හම නිසා අම්ම ලග ඉස්සර තිබුන ලස්සන පෑල දොරින්ම යන්න ගිහින්. ඒත් තවමත් උන්දැ මාව ජීවත් කරවන්න දත කනව. මං දන්න කාල් ඉදන් තාත්තත් නැති අවජාතක මාව ජීවත් කරවන්න අම්ම වින්ද දුක මෙහෙමයි කියල විස්තර කරන්න බැරි තරම්. කන්න බොන්න අදින්න පලදින්න ඉගන ගන්න හැමදේම අඩුපාඩුවක් නැතුවම දුන්නෙ පොල්ලෙලි තලල හම්බකරගත්ත ඒ සොච්චං පඩියෙන්. කොයිතරම් අඩුපාඩුකම් නැතිබැරිකම් තිබුනත් මං වෙනුවෙන් වෙහෙසෙන්න අම්මට තිබුනෙ ගතේ හයියටත් වැඩිය හිතේ හයිය. උසස් පෙල විභහගෙ ඉහලින්ම සමත් උනත් කැම්පස් නොයා ගාමන්ට් එකක රස්සාවක් හොයාගත්තෙ තවත් අම්මට බරක් වෙන්න බැරි නිසාමයි.

"අම්ම මෙච්චර කල් මං හින්ද දුක් වින්ද මදෑ... දැන් මං මගෙ පාර කොහොම හරි හදාගන්නම් අම්මෙ. අම්මත් ඔය පොල්ලෙල්ලට යටවෙන්නෙ නැතුව ගෙදෙට්ට වෙලා ඉන්න. මං හැම මාසෙම අම්මට සල්ලි එවන්නම්."

🛑ඊවා🛑Where stories live. Discover now